ශ්‍රී ලංකාවට පහසුකම් සහිත අලි රෝහලක් ලබා දීම සම්බන්ධයෙන් තායිලන්ත රජය අවධානය යොමු කරන බව ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති Poj Hornpol මහතා හිටපු දියවඩන නිළමේ නෙරංජන් විජයරත්න මහතා හමුවී ප්‍රකාශ කළ බව වාර්තා වේ .
මුතුරාජා හට නිසි ප්‍රතිකාර සිදු කළේ නම් මුතුරාජා ඇතාව මෙරට රදවා ගැනීමට හැකිව තිබූ බවත්, මුතුරාජාගේ ප්‍රශ්නය දැනගනු ලැබුවේ පසුව බවත් , එය ප්‍රථමයෙන් දැනගත්තා නම් එය විසදා ගැනීමට හැකිව තිබූ බවත් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිවරයා මෙහිදී සදහන් කර තිබේ.
එමෙන්ම අලි ඇතුන් රෝගී වූ විට ඔවුන්ට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය පහසුකම් ලංකාවේ නොමැති බවත් , තායිලන්තයේ ඇති අලි රෝහල් මෙන් සියලු පහසුකම් සහිත අලි රෝහලක් ලංකාවට අවශ්‍ය බවත් , ඒ සදහා රාජ්‍ය මට්ටමින් උපකාර කරන ලෙසත් හිටපු දියවඩන නිළමේවරයා මෙහිදී තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ සදහා රාජ්‍ය මට්ටමින් උපරිම සහයෝගය ලබා දීමට උපරිමයෙන් කටයුතු කරන බවත් , නුදුරේදීම තායිලන්තයෙන් කණ්ඩායමක් පැමිණ ඒ සම්බන්ධයෙන් අධ්‍යනයක් කරන බවත් තානාපතිවරයා අවධාරණය කර තිබේ .
හීලෑ අලි ඇතුන්ට මෙන්ම වනාන්තරවල සිටින අසනීප අලි ඇතුන්ටද ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවත් තානාපතිවරයා වැඩි දුරටත් සදහන් කර තිබේ.