දකුණු කොරියාවේ පැවති වයස අවුරුදු 20න් පහළ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (08) දින රාත්‍රියේ දිවයිනට පැමිණි බව වාර්තා වේ.
ඒ අනුව ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 4ක් , රිදී පදක්කම් 1 ක් සහ ලෝකඩ පදක්කම් 2ක් හිමිකරගැනීමට එම කණ්ඩායම සමත් වී තිබේ.













































