ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ බව වාර්තා වේ.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දු ඕවර 22.2කදී සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 116කි.
පන්දු යැවීමේදී දුෂ්මන්ත චමීර ලකුණු 63කට කඩුලු 4ක් දවාගත් අතර වනිඳු හසරංග ලකුණු 7ට කඩුලු 3ක් දවා ගත් බව සදහන්.
ඒ අනුව ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු ප්‍රමාණය එක කඩුල්ලක් පමණක් දැවී පන්දු ඕවර 16කදී ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ.
පැතුම් නිස්සංක පන්දු 34කදී ලකුණු 51ක් රැස්කළ අතර දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 56ක් ලබාගෙන තිබේ.
ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබේ.
ඉතිරි වූ පන්දු සංඛ්‍යාව (204) අනුව ඇෆ්ගනිස්තානය ලැබූ විශාලතම එක්දින ජාත්‍යන්තර තරග පරාජය ලෙස මෙය ඉතිහාස ගතවෙයි.














































