ලබන ඔක්තොම්බර් මාසයේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගය අද (07) හරාරේ හිදී පැවැත්වෙන අතර එහි කාසිය වාසිය දින ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ බව වාර්තා වේ.
ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දීය කොදෙව්වන් හට අවස්ථාව ලබා දුන් බව සඳහන් වේ.













































