බිත්තර රුපියල් 60ක් පමණ මිලකට තිබී රුපියල් 35 ක් වැනි මුදලකට සතොස හරහා ජනතාවට මිළදී ගැනීමට සැලැස්වීම පිළිබඳව මේ වන විට සමාජයේ දැඩි කතාබහක් ඇතිව තිබේ.මේ පිළිබඳව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සහ ජාතික පාරිභෝගික පෙරමුණේ N.P.K.වනිගසිංහ චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති අන්තර්ජාල සාකච්ඡාවකට එක්වෙමින් බරපතළ අනාවරණයන් රැසක් සිදු කරන ලදි.
අසේල මහතා ප්‍රකාශ කරන්නේ ආනයනික බිත්තර කූල් රූම් වල දමා මාස 03ක් තබා ගැනීමට හැකි බවත් මෙම බිත්තර 09 වෙනි මසදී කල් ඉකුත් වීමට නියමිතව තිබුණත් බේකරි හිමියන් විසින් ලේබල් මකා වෙළෙඳපොළට ලබා දුන් බවයි.
එමෙන්ම බිත්තර පෙට්ටි එකසිය ගාණක ලේබල් මකා දුම්මලසූරියට ලබා දුන්නේ කෙසේද? යන්නත් බේකරි හිමියන් හට ලබා දුන් බිත්තර තොග ලේබල් මකා වෙළෙඳපොළට ලබා දුන්නේ කෙසේද? යන්නත් පිළිබඳව සම්පූර්ණයෙන්ම STC එක වගකිවයුතු බව ප්‍රකාශ කරයි.
එසේම පලතුරු ආනයනය කිරීමට බදු ගැසීම හේතුවෙන් කලක් පලතුරු ආනයනය නොකිරීම හේතුවෙන් පලතුරු දැමීමට තිබූ කූල් රූම් වල බිත්තර දමා තිබේ. නැවත පලතුරු වලට පනවා තිබූ බදු ඉවත් කිරීමත් සමග පලතුරු ගෙන ඒමට සූදානමක් ඇති නිසා මෙම කූල් රූම් වලින් බිත්තර ඉවත් කිරීමට අවශ්‍ය වූ බැවින් මෙලෙස අඩු මුදලකට සතොස හරහා ජනතාවට බිත්තර මිළදී ගැනීමට අවස්ථාව ලබා දී ඇති බව ප්‍රකාශ කරයි.
නමුත් මෙලෙස කූල් රූම් වල තිබූ බිත්තර පිටත තබා ගෙන ආහාරයට ගැනීමට හැකියාවක් නොමැති බවත් එබැවින් ශීතකරණ නොමැති පුද්ගලයන්ට බිත්තර කෑමේ අයිතිය අහිමි වූ බවත් අසේල මහතා සඳහන් කර තිබේ.
ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ මෙලෙස ආනයනය කළ බිත්තර අලෙවි නොවීමත් සමග ගබඩාවලින් ඉවත් කර ගැනීමට තිබූ කල් ඉකුත් වීමට ආසන්න බිත්තර මෙලෙස ජනතාවට සතොසින් ලබා දීමට සැලසුම් කර ඇති බවයි.
එබැවින් ඇමතිගෙ ලියුම් වලට කුකුළු පැටව් නොදී කොරෝනා කාලයේදී කඩා වැටුණු ෆාම් යළි නගා සිටුවීමට මෙම කුකුළු පැටවුන් ලබා දුන්නේ නම් මෙවැනි ඉරණමක් අත් නොවන බවද ඔහු පවසයි.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත විඩියෝව නරඹන්න.














































