කුවේට් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැඳී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 62 නෙක් ඉන් පිටුවහල් කිරීමෙන් අනතුරුව අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ .
ඔවුන් අද (28) අලුයම 5.00 ට කුවේට් රාජ්‍යයේ සිට පැමිණි අල් ජසීරා ගුවන් සේවයේ ජේ – 9555 දරණ ගුවන් යානයෙන් පැමිණි බව සඳහන් .
මෙම පිරිස ගිවිසුම්ගත නිවෙස් වලින් පලා ගොස් කුවේට් රාජ්‍යයේ තාවකාලික නේවාසිකාගාරවල රැඳී සිටිමින් විවිධ රැකියා ස්ථානවල සෙවයේ නිරත වී තිබේ. මොවුන් වීසා නොමැතිව මෙලෙස නීතිවිරෝධී ආකාරයෙන් සිට ඇති බව වාර්තා වේ . මේ සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ සහ අධිකරණය සමඟ එක්ව ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලය හරහා මොවුන්ට තාවකාලික ගුවන් බලපත්‍ර සකස් කර එරටින් පිටුවල් කර තිබේ.
එමෙන්ම මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයේ 2000 කට අධික ගෘහ සේවිකාවන් පිරිසක් ලියාපදිංචි වී සිටින බව වාර්තා වේ .














































