English
සිංහල
02:43 සෙනසුරාදා, නොවැම්බර් 1, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ශ්‍රි රාවණා රජ පෙළපත සහ කිරණ ශක්තීන් (කෙටි සටහනක්)

    Ravana Publisher by Ravana Publisher
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    හෙළයන්ගේ ඉතිහාසය ලියූ සහ ලියන බොහෝ දෙනා එම තොරතුරු හිතාමතා සඟවලා..

    හෙළ වර්ගයාගේ පරම්පරා කතාව ගැන කියැවෙන වරිග පූර්ණිකාව රාමායණය සහ මහා වංසයට එහා ගිය වැදගත් කමක්, වටිනාකමක් උසුලයි. එම ග්‍රන්ථ ඉක්මවා යන තරමට ඉතිහාසගත වෙයි. වරිග පූර්ණිකාව යනු තවත් එක් සුන්දර කතා වස්තුවක් රැගත් ග්‍රන්ථයක් නොවේ.

    අතීත සිද්ධීන් සමුදායක් සටහන් කරනු ලැබූ කතා පොතක්ද නොවේ. එහි ඇත්තේ රාවණා පරපුර හෙවත් යක්‍ෂ ගෝත්‍රික පරපුරේ ජීවිතයයි.

    ජීවත්වීම සඳහා කෙනකුට ඇවැසි වනුයේ යම් දෙයක්ද එම දෙය අඩු වැඩි නැතිව වරිග පූර්ණිකාවේ සටහන්ව තිබේ. එහෙයින්ම එය යක්‍ෂ ගෝත්‍රික පරපුරේ පොදු උප්පැන්න සහතිකයද වෙයි. ශ්‍රී ලංකාවේ ආදිවාසීන් ලෙස සලකනු ලැබුවේ යක්‍ෂ, නාග, දේව ගෝත්‍රික ජනතාවයි. මෙයින් නාග ගෝත්‍රිකයන් කැලණිය, නාගදීපයෙත්, යක්‍ෂ ගෝත්‍රිකයන් මහියංගණය, සබරගමුව ප්‍රදේශවලත් ජීවත් වූ බව සඳහන් වෙයි.හෙළයා යනු වර්තමාන සිංහලයා මිස විජයගෙන් බිහිවූ ආර්යයන් නොවන බව අපට හොදාකාරවම වරිග පූර්ණිකාව කියයි. ඉන්දියාවෙන් පිටුවහල් කළ විජය ලංකාවට පැමිණ කුවේණිය සමග එක්වීමෙන් ආර්යයන් බිහිවූ බව බොහෝ ග්‍රන්ථ සඳහන් කරතත් විජය පැමිණීමට පෙර ආර්යයන් නොවන යක්‍ෂ ගෝත්‍රික පරම්පරාවක් එදා හෙළදිවේ සිටි බවත් හෙළයන්ගේ හෙවත් සිංහලයන්ගේ ඉතිහාසය ලියූ සහ ලියන බොහෝදෙනා එම තොරතුරු හිතාමතා සඟවා ඇති බවත් මේ වන විටත් ප්‍රසිද්ධ කරුණක් වී තිබේ.

    මෙරට තුළ ආදිවාසීන් ලෝකයේ වඩාත්ම දියුණු ජාතියක් වී සිටියා යැයි වරිග පූර්ණිකා ග්‍රන්ථය ආශ්‍රයෙන් කොතෙක් තොරතුරු ගෙනහැර දැක්වුවද රාවණාගේ ඉතිහාසය අතැඹුලක් සේ දන්නේ තමන් පමණකැයි සිතා සිටින මහා උගතුන් එම තොරතුරු පිළිනොගන්නේ තමන්ගේ තත්ත්වයට සහ ඉගෙන ගත් දැනුමට මදිපුංචිකමක් වේ යැයි සිතන අනියත බිය නිසාය. සැබැවින්ම එය කනගාටුවට කරුණකි. නමුත් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ආර්යයන්ට වඩා හෙළදිව හෙවත් ලංකාවේ සිටි යක්‍ෂ ගෝත්‍රික පරම්පරාව උසස් ජාතියක් සහ ඉහළ දැනුමක් ඇතිව සිටියවුන් බව කීමට පැහැදිලි සාක්‍ෂි වරිග පූර්ණිකාව පෙන්නුම් කරයි. වරිග පූර්ණිකා පුස්කොළ පුස්තකය රචනා කිරීමට යොදාගත් භාෂාව අන්කිසි භාෂාවකට සම කළ නොහැකිය. එහෙයින්ම එය ඉහළ ස්ථානයක් ගනී.

    මෙම භාෂාව පාලි, සංස්කෘත භාෂාවන්ට කිසිදු නෑකමක් නොදක්වයි. පසුව අප පාලි, සංස්කෘත ආභාසය ලැබුවත් එයට පෙර අප මුතුන්මිත්තන් භාවිත කළ මෙම භාෂාව වර්තමාන සිංහල භාෂාවේ මුල් භාෂාව ලෙස උපකල්පනය කිරීමට පුළුවන. සිංහල ගැමි වහරේ ඇති බොහෝ වචන මුල් හෙළ භාෂාවෙන් බිඳගත් වචනයි. එමෙන්ම ලෝකයේ බොහෝ භාෂාවන්ගේ උපත හෙළ භාෂාව යැයි පවසන තරමටම මෙම භාෂාව ඉතාමත් පැරැණිය. මෙරට මුල්ම වැසියා වන යක්‍ෂ ගෝත්‍රිකයාගේ භාෂාව වන මෙය මුලින් හැඳින්වූයේ රවිශෛලාෂ භාෂාව ලෙසිනි.

    මහින්දාගමනයට පෙර ශ්‍රී ලාංකේය ජන ජීවිතය පිළිබඳ යමක් ප්‍රකාශ කිරීමට ශ්‍රී ලාංකේය විද්වතුන් මැළිවන්නේ ඒ සම්බන්ධව ඇති මූලාශ්‍රවල අඩුකම නිසාය. ඔවුන් පිළිගන්නා පරිදි සිංහලයාගේ පෙළපත ආරම්භ වනුයේ විජයගෙනි. විජය හෙළයේ නායකත්වයට පත්වන්නේ යුදමය ක්‍රියාදාමයකින් මෙරට පාලන තන්ත්‍රය බිඳ දැමීමකින්වත්, එවකට සිටි ගෝත්‍රික ජනයාගේ සම්මුතියෙන් විජයට රාජ්‍යත්වය ප්‍රකාශ කිරීමෙන්වත් නොව එවකට පාලනයේ යෙදී සිටි නායිකාවක වූ කුවේණිය වංචනිකව රවටා විවාහ කරගැනීමෙන් අනතුරුවය. මේ අනුව හෙළ වංස කතාවේ පටන් ගැන්මෙන්ම යක්‍ෂ ගෝත්‍රිකයන්ට හිමිවී ඇත්තේ පහත් තැනකි. ඔවුන් හඳුන්වා ඇත්තේ පහත් වැඩ කරන මායාකාරී ගෝත්‍රික කොටසක් ලෙසටය.

    අපගේ මානව වංස කතාව ලියූවන් කියන පරිදි යක්‍ෂ ගෝත්‍රිකයන්ට බුදුන්ගෙන් බණ අසා එය වටහා ගැනීමට තරම්වත් ශක්තියක් තිබී නැත. මේ අය වංස කතාව ලියූවන්ගේ සහ තවමත් ලියමින් ඉන්නන්ගේ පරගැති භාවයයි. නමුත් සත්‍යය එය නොවේ. විජයගේ පැමිණීමට පෙර දියුණු ජාතියක යුගයක් හෙළදිවට තිබූ බවට වන සාක්‍ෂි අද පුරාවිද්‍යාත්මකව සොයා ගැනෙමින් පවතී. වරිග පූර්ණිකාවේ විශේෂිත කරුණ වනුයේ රාවණා පරම්පරාවෙන් පැවැත එන පරම්පරාව පිළිබඳ තොරතුරු සටහන්ව තිබීමයි. එය මූලික වශයෙන් පරම්පරා දෙකක් දක්වයි. ඒ කේවේසස්ථාන සහ රවිශෛලාෂ පරම්පරා දෙකයි. ඉතා දියුණු සංස්කෘතියකට අයත් යක්‍ෂ ගෝත්‍රික රාජ පරම්පරාව ගැන නිවැරැදි අවබෝධයක් වරිග පූර්ණිකාව තුළින් අපට ලැබේ. ඒ අනුව වඩාත් තහවුරු වූ රාවණා රාජ පරම්පරාව වනුයේ රවිශෛලාෂ රාජ පරම්පරාවයි.

    රවිශෛලාෂ රාජ පරම්පරාවේ ආදිතමයා ලෙස සැලකෙනුයේ රාවණා හෙවත් යක්‍ෂ කෞරාණ මන්ඨකයි. මෙම කෞරාණ, රෞලාන ලෙසද භාවිත වනු දැකිය හැකිය. කෞරාණ (රෞලාන) කුරු යන්නට තරමක සමානතාවක් දක්නට ලැබේ. කෞරාණ යනු මෙරට සහ ලෝකයේ ව්‍යාප්තව සිටින යක්‍ෂ ගෝත්‍රික වංශිකයන්ගේ මුල් නමයි. රාවණා යන වචනයේ අර්ථය සූර්යයා යන්නයි. රකුණ යනු රාවණා යන්නට සමාන අර්ථයක් ඇති තවත් පදයකි.

    වික්‍රමාන්විත භාවයෙන් පරිපූර්ණ වූ ශ්‍රී ලංකාවේ යක්‍ෂ ගෝත්‍රික වංසයේ අද්විතීය ස්ථානය හිමිකරගත් රාජ්‍ය නායකයන් ගැන වරිග පූර්ණිකාව මෙසේ සඳහන් කරයි. ඒ අනුව රාවණා රජුගේ පෙර රාජ පරම්පරාව සහ රාවණා රජුගෙන් පසු රාජ පරම්පරාවත්, රාවණා රජුගේ මුනුබුරකු වූ රවිශෛලාෂ රජුගේ පරම්පරාවෙන් ඇරැඹි වත්මන් ලේ නෑයන් දක්වා දිවයන රාජකරුණා පරම්පරාවත් පිළිබඳ වරිග පූර්ණිකාව ඉතිහාසගත සාක්‍ෂි සපයයි. මේ අතර රාවණා රජුගේ සොයුරු විභීෂණ ලංකාවේ රජකම් කළ බව පැවැසෙතත්, එම රාජ්‍ය පාලනය එක දිගට සිදුවූවක් නොවන බවත් අතරින් පතර කඩඉම් සහිතව පැවැති රාජ්‍ය පාලනයක් බවත් මෙම වරිග පූර්ණිකාවම පෙන්වා දෙයි.

    වරිග පූර්ණිකාව පෙන්වා දෙන පරිදි හෙළයේ ආදිතම පාලකයා වූයේ සයිබාරි ඍෂිවරයායි. මෙම ඍෂිවරයා වූ කලී ගෝත්‍රික පරම්පරාවක නායකයායි. එම ගෝත්‍රික පරම්පරාව වූයේ යක්‍ෂ ගෝත්‍රිකයනුයි. මෙම සයිබාරි ඍෂිවරයාට පෙර සිටි පාලකයන් ගැන පැහැදිලි සඳහනක් වරිග පූර්ණිකාව නොදක්වතත් එකලට පෙරද යක්‍ෂ ගෝත්‍රිකයන් සිටි බව පෙන්වා දෙනවා. මෙම සයිබාරි ඍෂිවරයාගෙන් පසු යක්‍ෂ ගෝත්‍රික පරම්පරාවේ නායකයා බවට පත්වූයේ ශෛහාරයි. ශෛහාර, සයිබාරි ඍෂිවරයාගේ පුතෙකි.

             ඉන්පසු ශෛහාරගේ පුතකු වූ මිථානත්, මිථානගේ පුතකු වූ මාලන්තිත්, මාලන්තිගේ පුතකු වූ සුමාලිත් යක්‍ෂ ගෝත්‍රික පරම්පරාවේ නායකත්වයට පත්වී ඇත. මෙම තාත්තාගෙන් පුතාට උරුම වූ පරපුරේ නායකත්වය අනුව සුමාලින්ති රජුගේ පුත්‍රයකු වූ රාවණ නායකත්වයට පත්වෙයි. මෙම රාවණා වූ කලී පෙර රජ පරපුරෙන් පැවැත ආ අසහාය පුද්ගලයෙකි. ඔහු හැඳින්වූයේ විශ්ව කීර්තිය ලද ශ්‍රී රාවණා නොහොත් යගු කෞරාණ මන්ඨක ලෙසිනුයි. රාවණා රජුගේ පුත්‍රයා වුණේත් උපේන්ද්‍රිමිණිකයි. රාවණාගෙන් පසු රජකමට පත් උපේන්ද්‍රමිණිකට පුත්‍රයන් දෙදෙනෙක් සිටියහ. 

    ඒ රවිශෛලාෂ සහ කේවේසස්ථාන රජ කුමරුන් දෙදෙනායි. උපේන්ද්‍රමිණික රජුගෙන් පසු හෙළදිව රාජ්‍ය පාලනයට පත්වූයේ මෙම රවිශෛලාෂ සහ කේවේසස්ථාන කුමරුන් දෙදෙනායි. මෙම කුමරුන් දෙදෙනාගේ රාජ පරම්පරාවන් දෙක පිළිබඳ වරිග පූර්ණිකාව විස්තර දක්වතත් එහි වැඩි වශයෙන් දක්වා තිඛෙනුයේ රවිශෛලාෂ රාජ පරම්පරාව පිළිබඳවයි. උතුරේ පාලනය ගෙන ගිය කේවේසස්ථාන රාජ වංසය ගැන දීර්ඝ සඳහනක් වරිග පූර්ණිකාව නොදක්වයි.

    එසේ දැක්වීමට නොහැකි වූ හේතුව ලෙස වරිග පූර්ණිකාව සටහන් කරනුයේ විජය හෙවත් ආර්යයන්ගේ පැමිණීමත් සමග ඇතිවූ නව ආරම්භයට මුහුණ දීගත නොහැකිවීමයි. නමුත් එයට මුහුණ දෙමින්ම රාජ පරම්පරා හතක් දක්වා කේවේසස්ථාන රාජ වංසය පවත්වාගෙන යෑමට එම පරපුර සමත් වූ බව වරිග පූර්ණිකාව කියයි. වරිග පූර්ණිකාව දක්වන එම රාජ පරම්පරා හත නම්, කේවේසස්ථාන රජු, සොලිස මන්ඨක රජු, සකුදල ගිරි රජු, පජ්ජල මුණ රජු, කේසි කෙහෙලියපුර රජු, විපුලත්තාන රජු සහ සුගලිත රජු යන රජවරුන්ය. රවිශෛලාෂ රජු හෙවත් රාවණා රජුගේ මුනුබුරා හරහා පැවැත ආ රවිශෛලාෂ රජුගේ දාරක පරම්පරාව වරිග පූර්ණිකාවට අනුව මෙසේ වෙයි. කභාගිරි රජු, දෙවලගිරි රජු, වාරසික රජු, සේතකඨ රජු, උජුපල රජු, බැබිලගිරි රජු, මන්දාරක රජු, අතිලීක රජු, කීර්තිධීර රජු, රෞලාන රජු, මෝජගිරි සෙන්පති, උරසිකාර සෙන්පති, ඉදියර සෙන්පති, කත්තුර සෙන්පති, හෝසලමාන සෙන්පති, භද්‍රගිරික සෙන්පති.මෙම රාජ පරම්පරාව අතර සිටින කිත්තිධීර රජු බුද්ධ කාලයේ පිටිගල පාලනය කළ රජුයි. බුදුන්ගෙන් බණ අසා රහත් ඵලයට පත් කවිලාශ අග්තිපාලි මෙහෙණියගේ පියා වනුයේද කිත්තිධීර රජුයි. ගිරිදේශය පාලනය භාරව සිටි ගිරිභද්‍ර සෙන්පති කවිලාශ අග්තිපාලියගේ ස්වාමියායි.

    බුද්ධ කාලයට සමගාමීව පිටිගල පාලනය කළ කිත්තිධීර රජුගෙන්, ඔහුගේ වැඩිමල් පුතු උපතිස්ස කුමරු රජ බවට පත්වුණා. උපතිස්ස රජු තම රාජ්‍ය කාලය තුළ පැවිදි දිවියට (කි.ව. 409-431) පත්වූයේ බාල සොහොයුරු මහානාම රජුට රාජ්‍ය පාලනය භාර දෙමින්. මහනාම රජුගෙන් පසු වන රාජ පරම්පරාව වරිග පූර්ණිකා පුස්තකය මෙසේ දක්වයි. මහානාම රජු, ඔහුගේ පුත් ස්වර්ණ සුබෝධි කුමාරයා, ඔහුගේ පුත් මාලිම්භ කුමාරයා, ඔහුගේ පුත් සංජීව කුමාරයා, ඔහුගේ පුත් විපුල්ලම්භ කුමාරයා, ඔහුගේ පුත් පියුමල් බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් සිරිනාථ බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් චන්ද්‍රගිරි බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් සත්ඛෙර බණ්ඩාර, දියණිය පියුමලී පාලි කුමරිය, ඇගේ පුත් සුජාත කුමාරයා, ඔහුගේ පුත් සංජය බණ්ඩාර කුමාරයා, ඔහුගේ පුත් මානා බණ්ඩාර හෙවත් මුදලිහාමි රාජකරුණා මුදියන්සේ, ඔහුගේ පුතුන් තිදෙනා කිරිබණ්ඩා, හීන් බණ්ඩා සහ ටිකිරි බණ්ඩා. මේ වර්තමානය දක්වා දිවෙන රාවණ රාජ පරම්පරාවේ ලේ නෑ පරම්පරාවයි. අද වරිග පූර්ණිකා පුස්තකයත්, රාවණ රජුගේ ග්‍රන්ථය, මන්ත්‍රය, වෛද්‍ය ග්‍රන්ථය සහ තවත් අතිශය රහස් සමුදායක් මෙම පරපුරේ වත්මන් භාරකාරත්වය යටතේ පවතිනවා.

    එම රහස් අතර ඉතාමත් මූලික දෙය වනුයේ යක්‍ෂ ගෝත්‍රික හෝඩිය සහ එහි සන්තාඥ භාෂාවේ අක්‍ෂරයි. මෙම අක්‍ෂර මාලාවේ උපත ගැන වරිග පූර්ණිකාව විස්තර මෙසේ දක්වනවා. පුප්ඵුශීය වායු ධාරාව නිසා ස්වරාලය තුළ ඇතිවන ස්වර කම්පනයෙන් නිපදවනු ලබන නාද රටා සියුම්ව වර්ගීකරණය කොට සංකේත මගින් ඉදිරිපත් කිරීම තුළින් යක්‍ෂ ගෝත්‍රික රවිශෛලාෂ භාෂාවේ අක්‍ෂරයන්ගේ උපත සිදුවී ඇතැයි නිගමනය කළ හැකියි. ඒ අනුව ඔවුන් නාද රටා දහයක් හඳුන්වා දී ඇත. ඒවා ජාතිස, සිලම්බි ලෙස හඳුන්වයි. බට නළාවක් පිඹ විවිධ නාද රටා උත්පාදනය කළ හැකිවාක් මෙන්ම පුප්ඵුශීය වායු ධාරාව මගින් ස්වරාලය තුළද විවිධ නාද රටා නිපදවිය හැකියි. ජාතිස, සිලම්බි, සංකේත මගින් පෙන්වා දෙන්නේ එබඳු නාද රටාවනුයි.

    මේ යටතේ වන උප අක්‍ෂර මාලා මෙසේ හඳුන්වා දී තිඛෙනවා.

    • කයිමාර සිලම්බි (බන්ධ අක්‍ෂර)
    • ඒකේය අක්‍ෂර බන්ධන ක්‍රමය
    • විභූෂ අක්‍ෂර
    • කණ්ඨු අක්‍ෂරය
    • සෝල අක්‍ෂරය
    • කවිලාශ අක්‍ෂරය
    • කෞරවි අක්‍ෂරය
    • කුම්භ” අක්‍ෂරය
    • ජංග්‍රාම අක්‍ෂරය

    මෙම අක්‍ෂරවලට අමතරව සන්තාඥද්වන්ත්‍ර අක්‍ෂර නම් වන අක්‍ෂර විශේෂයක් ගැනද වරිග පූර්ණිකාව සඳහන් කර තිඛෙනවා. එය මෙසේ පැහැදිලි කරදී ඇත.

    බල පිහිටුවීමේ අක්‍ෂර වශයෙන්ද ද්වන්ත්‍ර අක්‍ෂර වශයෙන්ද මෙම අක්‍ෂර හඳුන්වනු ලැඛෙනවා. යක්‍ෂ ගෝත්‍රික කාන්තාවන්ට පලඳින ආභරණවල බලය පිහිටුවීම සඳහා යොදාගන්නා විශේෂ සහ වංසයේ උදාරත්වය ප්‍රකාශ කරන සංකේත මේ නමින් හඳුන්වනවා. රවිශෛලාෂ (යක්‍ෂ ගෝත්‍රික, කවිලාශපාලී, මහාපාලි) වංසයේ කාන්තාවන් විසින් පලඳින උත්තරචක්‍ර මාලාභරණයේ පළමු පොට හෙවත් ඉන්ද්‍රවටයේ බලය පිහිටුවීම සඳහා කොටා ඇති සංකේත ද්වන්ත්‍ර අක්‍ෂර ගණයට අයත් වෙනවා.

    • සන්තාඥ මුරාග්‍ර අක්‍ෂර
    • සුවිධිමුත අක්‍ෂර
    • කිලාම අක්‍ෂර
    • කෘෂිකාල සන්තාඟ= හෙවත් ගුපල අක්‍ෂර
    • රකුන් සැර අක්‍ෂරය
    • සිද්ධි සැර අක්‍ෂරය
    • භද්‍ර පද අක්‍ෂර

    මෙම භද්‍ර පද අක්‍ෂර යටතේ විශේෂිත වාක්‍යයක් මෙසේ දක්වා තිඛෙනවා.

    භද්‍ර පද අක්‍ෂර හා බැඳුණු අනෙකුත් ග්‍රහ ශක්තීන්.

    මෙම භද්‍ර පද අක්‍ෂරවලින් පෙන්වා දෙනු ලබන්නේ හිරු, සඳු දෙදෙනාගේ කිරණ ශක්තීන් පොළොවට ආකර්ෂණය වන ආකාරයයි. හිරුගෙන් නිකුත්වන කිරණ ශක්තීන් චන්ද්‍රයා නිසා කිසියම් වෙනසකට ලක්වී කිරණ දෙකක් වශයෙන් සකස්වන බව හෙළ ඍෂිවරු පෙන්වා දෙනවා. එම කිරණ ශක්තීන් මුගලස්ස, ළා නිල් පැහැයක් ගන්නා අතර දෙවැන්න ධාලිස්ස කිරණය, කෙසරුවන් (සිංහයකුගේ ලොම්) පැහැය ගන්නවා. මුගලස්ස කිරණය නිසා ජලය ගහකොළ පවතින අතර ධාලිස්ස කිරණය ජීවීන් සඳහා බලපානවා. මුගලස්ස කිරණය චන්ද්‍රයාගේ බලපෑම නිසා නිල් පැහැය ගන්නා අතර එය ජලය ගහකොළ සංකේතවත් කරනවා. ධාලිස්ස කිරණ සූර්යයාගේ බලපෑම නිසා කෙසරුවන් පැහැය ගන්නා අතර මෙයින් ජීවීන් සංකේතවත් කරනවා.

    මෙම කිරණ ශක්තීන් දෙක ප්‍රධානව ගහකොළ ඇතුළු ජීවීන්ගේ පැවැත්ම සඳහා තවත් ග්‍රහ වස්තූන්ගෙන් බලපෑමක් තිබිය යුතු බව හෙළ ඍෂිවරුන්ගේ මතයයි. මේ අනුව ජීවලෝකයේ පැවැත්ම සඳහා ග්‍රහ මණ්ඩල සතරක් පවතී. එක ග්‍රහ මණ්ඩලයකට හිරු සඳු ඇතුළුව ග්‍රහයන් සතර දෙනකු සිටිනවා. මේ සියල්ල පෙන්නුම් කරනුයේ විජයගේ පැමිණීමට පෙර සිටම හෙළ දිවයින යක්‍ෂ ගෝත්‍රික පිරිසක් රජ කළ බවත්, ඔවුන් ඉතා උසස් මනසක් සහිත දියුණු ගෝත්‍රික ජාතියක්ව සිටී බවත්ය. මෙම කරුණු සාක්ෂාත් කරන වරිග පූර්ණිකාව වූකලී එම ගෝත්‍රිකයන් විසින්ම ලියනු ලැබූ යක්‍ෂ ගෝත්‍රික භාෂාවේ පත්ඉරු එකතු කර ලියූ පුස්කොළ පුස්තකයක්. එහෙයින් මෙහි තොරතුරු රාමායණය හා මහාවංසය ඉක්මවා යමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් ඉතා මනරම් උදාහරණ රැසක් දක්වාලීමට පුළුවන්. විශේෂයෙන්ම ආදී හෙළයාගේත්, මෑතකාලීන සිංහලයාගේත් කාන්තාවන් සම්බන්ධව පවත්නා චාරිත්‍ර වාරිත්‍ර සහ ගරුකිරීමේ නීති මාලාවන් අනුව විජය කුමරුගේ දූෂිත ලේ කවලම් වී උපන්නා යැයි කියන ආර්යයන්ගේ නොසණ්ඩාලගති පැවැතුම් ගැන අද අප සමාජය පැහැදිලිවම දන්නවා. එහෙත් එදා නොදියුණු ගෝත්‍රික ගල් යුගයක උපන්නා දැයි සමච්චල් කරන වත්මන් සිංහලයාගේ (විජයගේ දූෂිත ලේ කවලම් නොවූ) නොහොත් ආදි හෙළ යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ කාන්තාවන්ට ගරු කිරීමේ නීතිරීති මාලාවක් සහ කාන්තා ගරුත්වය ගැන වරිග පූර්ණිකාවේ සඳහන් මෙම කොටස බොහෝ ගැඹුරු කාරණා ගෙනහැර දක්වනවා. මේ ඒ අතරින් එක් උදාහරණයක් පමණයි.

    බලන්න. යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ විවාහ චාරිත්‍ර යටතේ අනු කාරණා කිහිපයක් මෙසේ දක්වා තිඛෙනවා.

    1. ලිංගාභරණ පැලැඳීමේ චාරිත්‍ර විධි
    2. උදාචක්‍ර ගිවිසුම් ආභරණ චාරිත්‍රය
    3. උදාචක්‍ර මාලාභරණයෙන් පිළිබිඹු වන ආත්මික සංවර ගුණාංග
    4. චතුර්භ්‍යානාභරණ පාරමිතා චාරිත්‍රය
    5. මනාලියන්ට ඔටුනු පැලඳවීමේ චාරිත්‍රය
    6. කන්‍යා හවඩිය පැලඳවීමේ චාරිත්‍රය
    7. සත්පොට මාලය
    8. යසස්ථ මංගල පෝරුව
    9. බඹසර යහන
    10. අනඟ යහන
    11. ධවන වන්දන පිරිත් පැන් අතලය.

    මේවා පිළිබඳවත්, යක්‍ෂ ගෝත්‍රික රාවණා රජු පරම්පරාවේ එළියට නොආ බොහෝ තොරතුරුත් ඉදිරි ලිපිවල ඉතා ගැඹුරින් සාකච්ඡා කිරීමට, හෙළිදරව් කිරීමට අපට හැකියාව එළැඹ තිඛෙනවා. මෙම ලිපියෙන් අප පෙන්වා දීමට උත්සාහ කළේ රාවණාගෙන් පසු රාජ පරම්පරාව දිගටම රජකම් කළ බවය. ඇතැමුන් වපුරන මුසාවාද මතවාද අනුව රාවණා රජුගෙන් පසු එම පරම්පරාව වැළලී ගියේ නැත. එසේම රාවණා පරම්පරාව ශතවර්ෂ බොහෝ ගණනක් ගතවීත් වර්තමානය දක්වාම පැවැත එමින් තිබේ.

    රාවණා පරම්පරාව ගැන කියැවෙන වරිගයා විසින් රචනා කරනු ලැබූ වරිග පූර්ණිකාවට අනුව රාවණා රජ පෙළපත අවසන් වී රාවණාගේ සොයුරු විභීෂණගේ රජ පෙළපතක් එක දිගට පැවැතී නැත.

    උපුටා ගැනීම #මව්බිම පුවත්පත

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version