විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව මෙරට රාජ්‍ය ආයතන විදේශ රටවල් සමඟ අත්සන් තබා ඇති ගිවිසුම් අධ්‍යයනය කර බලා ඒ අතර රටට අනතුරුදායක ගිවිසුම් ඇත්නම් ඒවා අහෝසි කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කර තිබේ .
ඒ අනුව මේ වන විටත් එවැනි ගිවිසුම් 150 ක් පමණ හඳුනාගෙන ඇති අතර ඉන් බහුතරය චීනය සමඟ අත්සන් කළ ඒවා බව අනාවරණය වී තිබේ .
මෙරට විශ්වවිද්‍යාල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කාලගුණ දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන හා ඇතැම් අමාත්‍යාංශ මෙලෙස ගිවිසුම් අත්සන් කර ඇති බව සඳහන් .
එමෙන්ම මෙම ගිවිසුම් ප්‍රකාරව විදෙස් රටවල නියෝජිතයන්, අධ්‍යයනයන් සඳහා යැයි කියමින් මෙරටට පැමිණ මාස ගණන් රැඳී සිටීමට නියමිතව තිබේ.
මින් ඉදිරියට එවැනි ගිවිසුම් ගතවීමට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයට දන්වා අනුමැතිය සඳහා ආරක්ෂක අමාත්‍යාංශයටද යොමු කළ යුතු බවට විදේශ කටයුතු අමාත්‍යාංශය චක්‍ර ලේඛයක් නිකුත් කර ඇති අතර මෙතෙක් අත්සන් කරන ලද ගිවිසුම් ගැන වෙනමම අධ්‍යයනය කර රටට අහිතකර ගිවිසුම් ඇත්නම් වහාම ඒවායින් ඉවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලයේදී උපදෙස් ලබා දී තිබේ.















































