ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ‘හීනටියන මහේෂ්’ නැමැත්තාගේ ප්‍රධාන ගෝලයා මීගමුවේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ටී -56 ගිනිඅවියක් හා පිස්තෝල දෙකක් ද විශේෂ කාර්ය බළකා භාරයට ගෙන ඇති බව සදහන්.














































