කිරිපිටි ආනයනය අත්හිටුවන ලෙසට පෞද්ගලික සහ රජයට අයත් කිරි සමාගම් කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දීමට නියමිත බව වාර්තා වේ .
දේශීය කිරි නිෂ්පාදනය සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සීමාසහිත මිල්කෝ පෞද්ගලික සමාගම, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) සහ සීමාසහිත පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනයේ නිලධාරීන් සහ කෘෂිකර්ම අමාත්‍යවරයා අතර හමුවක් පවත්වා තිබෙන අතර මෙහිදී මිල්කෝ සහ NLDB නිලධාරීන් පවසා ඇත්තේ, පසුගිය මාස හය තුළ කිරි ලීටර් 2,599,617ක් සහ 19,152,766ක් බැගින් නිෂ්පාදනය කර ඇති බවයි.
එම කාලය තුළ කිරි නිෂ්පාදනය පසුගිය වසරේ (2022) අදාළ කාලයට සාපේක්ෂව 30% ක වර්ධනයක් පෙන්නුම් කරන බව ඔවුන් සදහන් කර තිබේ .
දේශීය දියර කිරි සමග කිරිපිටි මෙට්‍රික් ටොන් 500ක් (MT) නිෂ්පාදනය කරන බවත් , කිරි නිෂ්පාදනය ඉහළ ගියද ආනයනික කිරිපිටි නිසා තම නිෂ්පාදන අලෙවිකර ගැනීමට අපහසු වී ඇති බවත් පැල්වත්ත කිරි කර්මාන්තයේ නිලධාරීන් පෙන්වාදී තිබේ .
දේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ මට්ටමක පවතින බැවින් කිරිපිටි ආනයනය කිරීම අත්හිටුවන ලෙස එම ආයතනවල නිලධාරීන් ඇමැතිවරයාගෙන් ඉල්ලා ඇති අතර එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් දේශීය කිරි නිෂ්පාදනය පිළිබඳ සවිස්තර වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත්, සමාගම්වල ඉල්ලීම සම්බන්ධයෙන් පසුව තීරණයක් ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ .