විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණයට එරෙහිව ප්‍රංශයේ දෙවන දිනටත් විරෝධතා ක්‍රියාත්මක වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විරෝධතාකරුවන් සහ පොලිසිය අතර අද (18) දිනයේත් දරුණු ගැටුම් ඇති වී තිබෙන අතර ඔවුන් විසුරුවාලීමට කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත. තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 62 සිට 64 දක්වා ඉහල දැමීමට එරට ජනපති ගත් තීරණයට විරෝධය දක්වමින් මෙලෙස ප්‍රංශය පුරා විරෝධතා ආරම්භ වී තිබේ.















































