බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසල් සිසුන් පිරිසක් අතර ඇති වූ පහර දීමේ සිද්ධියකට අදාළව සිසුන් 5 දෙනෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම පහර දීමේ සිද්ධියට බණ්ඩාරවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල් තුනක 11 ශ්‍රේණියේ සිසුන් පිරිසක් සම්බන්ධ වී ඇති අතර මෙම පහර දීමේ සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍යවල ප්‍රචාරය වී තිබේ. එම වීඩියෝවෙහි සිසුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය සහ තියුණු ආයුධයකින් පහර දීමට උත්සාහ දරන ආකාරය සඳහන් වී තිබේ. මෙම පහර දීමකින් එක් සිසුවෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය මඟින් සිඳු කළ විමර්ශනයකින් අනතුරුව අදාළ සිසුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර අද (23) ඔවුන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා කරයි .