ඉතාලියේ මිලානෝ නගර මධ්‍යයේ හදසි පිපිරීමක් සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔක්සිජන් සිලින්ඩර රැගෙන යමින් සිටි වෑන් රථයක් මෙලෙස හදිසියේ පිපිරීමට ලක් වීම නිසා වාහන දහස් ගණනක් මේ වන විට ගිනිබත් වෙමින් පවතින බව සදහන්.
එමෙන්ම ගින්න හේතුවෙන් කළු දුමාරයක් ඉහළට නැගී ඇති බවත් මෙම ගින්න නිවාස සංකීර්ණයකට සහ ඔසුහලක් දෙසට පැතිරෙමින් පවතින බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
තවද එම ප්‍රදේශයේ පාසලක සහ සාත්තු නිවාසයක සිටි පුද්ගලයින් ඉවත් කිරීමට එරට පොලිසිය කටයුතු කළ බව සදහන්.















































