ඉඩම් අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියා කළාපයට විරෝධය පළ කරමින් රජයේ මිනින්දෝරු නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කරමින් අද (26) දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඳුගොඩ මහතා ,
“මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මේ වනවිට උද්ගතවෙලා තියෙන භෞතික මානව හා සම්පත් ගැටලුවට විසඳුම් ලබා දෙන්න. ඒ වගේම මිනින්දෝරු වෘත්තීය පැත්තෙන් ගත්තහම උද්ගතවෙලා තියෙන ගැටලු රාශියක් තියෙනවා. ඒවට විසඳුම් ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා. මේ වේලාවේ රටේ මුදල් නෑ නෑ කියලා කියන අතරේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම් වැඩ පුද්ගලික අංශයට ලබාදෙමින් අකටයුතුකම් රැසක් සිදුකරමින් පවතිනවා. අද අපි ලෙඩ නිවාඩු වාර්තා කළා. මේ ගැන අපි සතියකට කලින් අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්ව දැනුවත් කළා. නමුත් මේ වනතුරුත් කිසිම පිළිතුරක් ලැබුණේ නෑ. මේකටත් පිළිතුරු නැත්නම් නැවතත් අපි අගෝස්තු 2 වනදා ලෙඩ නිවාඩු වාර්තා කරනවා. ඒවගේම කොළඹ උද්ඝෝෂණයක් පවත්වනවා.”














































