කඩුවෙල පොලිස් වසමේ 08 කණුව ප්‍රදේශයේදී ඊයේ (02) හමුවූ නිරුවත් මළසිරුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
ඝාතනයට ලක්ව තිබුණේ ගොතටුව ප්‍රදේශයේ පදිංචි
29 හැවිරිදි පුද්ගලයෙකි.
දෙපාර්ශවයක් අතර පැවැති ආරවුලක් ඝාතනයට හේතුවී ඇති බවත් , මරණකරුව පැහැරගෙන ගොස් මුල්ලේරියාව ප්‍රදේශයේදී පහරදී ඝාතනය කර ත්‍රීරෝද රථයකින් කඩුවෙල පොලිස් වසමේ 08 කණුව ප්‍රදේශයට දමාගොස් ඇති බවත් සිදුකළ විමර්ශනවලින් හෙළිව තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනා වැල්ලම්පිටිය සහ අංගොඩ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙන අතර සැකකරුවන් සිදුකර ඇති ප්‍රකාශ මත පහරදීම සඳහා යොදාගත් පොල්ලක් සහ වයරයක් ද සොයා ගත් බව වාර්තා වේ .
එමෙන්ම අපරාධය සඳහා යොදාගත් ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුවන් 36,46 සහ 47 යන වයස්වල පසුවන වැල්ලම්පිටිය සහ අංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වේ.