මෙරට රෝහල්වල සහ රජයේ ඔසුසැල්වල ඖෂධ නියාමනය සහ ඖෂධ බෙදාහැරීම කළමනාකරණය කිරීම සඳහා හදුන්වා දුන් ස්වස්තා නමි මෘදුකාංගය රෝහල් හාරසිය හතළිස්පහක ක්‍රියාත්මක බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම මෘදුකාංගය පිළිබඳ සියලු තොරතුරු සෞඛ්‍ය අමාත්‍යංශ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇති බව සදහන්.
2008 වසරේ සිට මේ දක්වා කාලයේදී වෛද්‍ය සැපයුම් අංශය තුළ සහ රෝහල්වල ඖෂධ සම්බන්ධව දත්ත රැස්කර තිබුණේ ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරන ලද මෘදුකාංගයක් මගින් වුවත් එම මෘදුකාංගය මගින් මෙරට ඇති ඖෂධ පිළිබඳව නිසි දත්ත වාර්තා ලබා ගැනීමට නොහැකි බවට සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දී තිබේ.
ඒ හේතුවෙන් ‘ස්වස්තා’ මෘදුකාංගය මෙරට සෞඛ්‍ය පද්ධතියට හඳුන්වා දුන් අතර කොළඹ විශ්වවිද්‍යාලය මෙහි තාක්ෂණික සහයෝගිතාකරු ලෙස කටයුතු කරනු ලබයි.