ටී 56 ගිනි අවියට යොදන උණ්ඩ රැගෙන ඇසළ පෙරහැර නැරඹීමට පැමිණි පුද්ගලයකු මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා මැදමහනුවර,මැදගම්මැද්ද ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි අයෙකි.
යටිනුවර වීදීයේ පොලිස් පරීක්ෂා කිරීමේ ස්ථානය අසලදී පුද්ගලයා පරීක්ෂාවට ලක් කිරීමේදී ඔහුගේ බෑගය තුල තිබී මෙම ටී – 56 උණ්ඩ හමුවූ බවට පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































