නැවත වතාවක් ශ්‍රී ලංකාව පිළිබඳව අන්තර්ජාතික වශයෙන් විශ්වසනීයත්වය ඇති කිරීම සඳහා නවතා දමා තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට සාකච්ඡා පැවත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව අති බව අද (30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
“පසුගිය කාල සීමාවේ ජපානය ශ්‍රී ලංකාවට ප්‍රධාන ආධාර සපයන රට බවට පත්වෙලා තිබුණා. නමුත් මෑත ඉතිහාසය තුළ දී ඇතැම් යෝජනා, ආධාර ව්‍යාපෘති ක්ෂණිකව නතර කිරීම නිසා සමහර කනස්සලු ස්වභාවයක් පැවතීම. නිවැරදි කිරීම සඳහා ජනාධිපතිතුමා අවශ්‍ය පසුතලය සකස් කරගෙන තමා ජපානයේ සංචාරයේ නිරත වුණේ. එතුමා ජපාන සංචාරයට පිටත්ව යෑමට කලින් නවතා දැමූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි සාකච්ඡා කිරීම අනුමැතිය ලබාගත්තා කැබිනට් මණ්ඩලයේ.
ඒ වගේම ජපන් සංචාරයට කලින් කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලබාගත්තා දෙරටක් අතර යම් ගිවිසුමක් අත්සන් කළොත් ආධාර හා වෙනත් ආයෝජන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නත් ඉන් අනතුරුව ව්‍යාපෘතියක් නතර කිරීමක් සිදුකරන්නේ නම් පාර්ලිමේන්තු අනුමැතියෙන් තොරව සිදුකරන්න බැරි වෙන ආකාරයේ විශ්වසනීයත්වය පිළිබඳ සහතිකයක් අරන් තමා එතුමා ජපන් සංචාරයේ නිරත වුණේ. ඒ නිසා යළිත් ශ්‍රී ලංකාව පිළිබඳව විශ්වසනීයත්වයක් රාජ්‍යයන් අතර ඇති කරන්නත් රාජ්‍යයන් අතර මිත්‍රත්වය වැඩිකර ආර්ථික සහයෝගීතාවය වැඩිකර ගන්නත් අදාළ වන ඵලදායි විදෙස් සංචාරයක නිරත වු බව එතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා…”














































