තමීම් ඉක්බාල් බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායම් නායකත්වයෙන් ඉවත් වී තිබෙන බව වාර්තා වේ .
පසුගිය මස 06 වනදා තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබුණත් එරට අග්‍රාමාත්‍යවරියගේ ඉල්ලීමක් මත සිය තීරණය වෙනස් කිරීමට ඔහු කටයුතු කර තිබුණි.
කෙසේ නමුත් එක්දින නායකත්වයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් සිය තීරණය අග්‍රාමාත්‍යවරියට මෙන්ම ක්‍රිකට් ආයතන බළධාරීන්ට ද දැනුම් දුන් බව තමීම් ඉක්බාල් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .













































