අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කර ඇත්තේ අප්‍රේල් මස 17 වනදා සිට ජාතික පාසල්වල දස අවුරුදු හා වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම්, ලබා දී ඇති නිර්දේශයන්ට අනුව ක්‍රියාත්මක වන බවයි.
එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පන්ති වල ගුරුවරුන්ගේ ස්ථානමාරු හේතුවෙන් දරුවන් හට යම් අසාදාරනයක් හෝ අපහසුතාවයක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ අභියාචනාවන්, විදුහල්පතිවරු මාර්ගයෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇති බවත් මෙම ස්ථාන මාරුවීම් සඳහා විශේෂ අභියාචනාවන්ට යටත් ගුරුවරුන් හට හැර අනිකුත් ගුරුවරුන්හට ස්ථාන මාරු ක්‍රියාක්මක කර ඇති බවත්ය.
තවද මෙතෙක් ලබා දී ඇති සියලුම තවකාලික අනුයුක්ත කිරීම් එළබෙන ජූනි 30 දක්වා දීර්ඝ කර ඇති බවත් එදිනට පෙර ස්ථාන මාරුවක් ලද ගුරුවරු ස්ථාන මාරු ලිපිය ලද විගස ඒ අනුව ක්‍රියාකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත.