දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් සමාජ ආර්ථික බලපෑමක් සිදු විය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්‍ය වසන්ත අතුකෝරළ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්‍යවරයා ,
“මේ වෙනකොට ලංකාවේ මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 92කට ආසන්න ප්‍රමාණයක්. ඉන් ඩොලර් බිලියන 47ක් විතර තියෙන්නේ දේශීය ණය. බිලියන 36ක් විතර තියෙන්නේ විදේශීය ණය.රජය සහ මහ බැංකුව මේ වනවිට කඩිනමින් මේ දේශීය ණය කොටස යම් ආකාරයකට ප්‍රතිව්‍යුහගත කරන්න යනවා. මේ දේශීය ණය තුළ වැඩි ප්‍රමාණයක් තියෙන්නේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර.මේවා තුළ තියෙන්නේ මේ රටේ මහජනතාවගේ මුදල්. මේ ප්‍රමාණය යම් ආකාරයකට කප්පාදුවකට ලක් කළොත් අනිවාර්යයෙන්ම සමාජ ආර්ථික බලපෑමක් සමාජය තුළ සිදුවෙනවා. වඩාත් දරුණු ආකාරයට පුද්ගලයින්ට බලපාන්නට පුළුවන්කම තිබෙනවා.. මොකද ආර්ථිකය හැකිලෙනවා.”













































