ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවරට ඇද හැළෙන ධාරානිපාත වර්ෂාව සහ ගංවතුර තත්ත්වයන් නිසා එම නගරය තාවකාලිකව වසා දැමීමට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එරට ළැව්ගිනි හටගෙන සති කිහිපයකට පසු උද්ගත වූ මෙම අනපේක්ෂිත ගංවතුර තත්ත්වය හේතුවෙන් මැඩ්රිඩ් නුවර සියලු මාර්ග සහ උමං මාර්ග ජලයෙන් යටවීමෙන් පුද්ගලයන් දෙදෙනකු ද අතුරුදන් වී ඇති බව සඳහන්.
එමෙන්ම අධිවේගී උමං මාර්ග දුම්රිය සේවය මුළුමනින්ම අත්හිටුවා ඇති බවත් , මාර්ග රැසක මෝටර් රථ සහ වෙනත් වාහන ජලයට යට වී ඇති බවත් , ආපදා කළමනාකරණ සේවකයන් සහ දහසකට වැඩි පිරිසක් මේ වන විට අතුරුදන් වූ පුද්ගලයන් දෙදෙනා සොයා මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර තිබෙන බවත් , එසේ අතුරුදන්ව ඇත්තේ එකම පවුලක පියකු සහ පුත්‍රයකු බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.
අතුරුදන් වූ පිය පුතු දෙදෙනා අවසන් වරට වාහනයක් තුළ සිට ඇති බව ආපදා කළමනාකරණ ඒකකය ප්‍රකාශ කර තිබේ.
සියලු නිවැසියන්ට නිවෙස්වල රැඳී සිටින ලෙස පසුගිය ඉරිදා මැඩ්රිඩ් නගරාධිපතිවරයා නිවේදනයක් නිකුත් කර තිබූ අතර එරට ජාතික කාලගුණ ඒජන්සිය උපරිම රතු අනතුරු නිවේදනයක් ද නිකුත් කර ඇති බව සඳහන්.