English
සිංහල
10:49 සඳුදා, ඔක්තෝබර් 27, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දළදා පෙරහැරේ විකාශය ගැන අස්ගිරි පාර්ශවයේ ප්‍රධාන හිමිනමකගෙන් මහභාරකාරවරයාට ලිපියක්.

    publisher 1 by publisher 1
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මේ දිනවල මහනුවර දළදා මාළිගාවේ පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍යය ප්‍රචාරය කිරීමේ නිල අයිතිකරුවන් බවට පත්ව සිටින්නේ දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා යටතේ පවතින මාධ්‍ය ඒකකයයි. 2005 වසරේ සිට මෙම මාධ්‍ය ඒකකය මඟින් කිසිදු පිටස්තර මාධ්‍ය ආයතනයකට මෙම පෙරහැර ප්‍රචාරය කිරීමට ඉඩ සලසා නොදෙන අතර එය ප්‍රචාරණය කළ යුත්තේ ඔවුන් හරහා යැයි කියමින් තහනමක් ද පනවා තිබේ. පසුගිය 26 වන දා ශ්‍රී ලංකා නිව්ස් වෙබ් අඩවිය හරහා දළදා මාළිගා පෙරහැර සජීවීව විකාශනය කරමින් සිටියදී රාත්‍රී 9.40 ට පමණ 076 7464556 යන දුරකථන අංකය හරහා දළදා මාළිගාවේ මාධ්‍ය ඒකකයේ අයෙකු කතාකර පෙරහැරේ සජීවී විකාශය වහාම නවතා දමන ලෙස තර්ජනය කර තිබුණි.

    මේ සම්බන්ධයෙන් අස්ගිරි මහා විහාර පාර්ශවයේ පුත්තලම් මහ දිසාවේ ප්‍රධාන සංඝනායක , සාහිත්‍ය කීර්ති ශ්‍රී සුමන සරණංකර , ශාස්ත්‍රපති , පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමිපාණන් වහන්සේ විසින් මහභාරකාර දෙපාර්තමේන්තුවේ මහභාරකාරතුමා වෙත ලිපියක් යොමු කරමින් පැමිණිලි කර තිබේ.

    පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමිපාණන් වහන්සේ එම ලිපිය මඟින් පෙන්වා දී තිබෙන්නේ ඉහතින් සඳහන් කළ තහනම් පැනවීමට දළදා මාළිගාවේ මාධ්‍ය ඒකකයට කිසිදු අයිතියක් නොමැති බවත් , 1980 අංක 34 දරණ ඇසළ පෙරහැර භාරය පනත අනුව සතර මහ දේවාල ඇතුළු දළදා පෙරහැර සඳහා කිසිදු ආකාරයක මුදල් එකතු කිරීමක් කළ නොහැකි බවත් , එසේ එකතු කරන්නේ නම් රජයේ මහභාරකාරවරයාගෙන් ලිඛිත අවසරයක් ගත යුතු බවත් , එසේ නොකර මුදල් එකතු කිරීම දඬුවම් ලැබිය හැකිවරදක් බවත් ය.

    එමෙන්ම නාහිමිපාණන් වහන්සේ මහභාරකාරවරයා හට මෙම ලිපියෙන් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ මහභාරකාරතුමාගේ අවසරයකින් තොරව පෙරහැර ප්‍රචාරය කිරීම සඳහා දළදා මාළිගාවේ මාධ්‍ය ඒකකය මුදල් රැස් කළේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙසත් , ඒ සඳහා මහභාරකාරතුමාගේ අවසරය දුන්නේ ද යන්න දැනගැනීමට සලස්වන ලෙසත් ය.

    අදාළ ලිපිය පහතින් ,

    මහ භාරකාරතුමා
    මහ භාරකාර දෙපාර්තමේන්තුව
    කොළඹ.

    මහභාරකාර තුමනි,

    දළදා මාලිගාවේ මාධ්‍ය ඒකකය සම්බන්ධයෙනි.

    මේ දිනවල මහනුවර දළදා මාලිගාවේ පැවැත්වෙන ඇසළ පෙරහර ප්‍රචාරය කිරිමේ නිල අයිතිකරුවන් බවට බලහත්කාරයෙන් පත්ව සිටින්නේ දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා යටතේ පවතින මාධ්‍යය ඒකකයයි.2005 වසරේ සිට මෙම මාධ්‍ය ඒකකය මගින් කිසිදු පිටස්තර මාධ්‍ය ආයතනයකට මෙම පෙරහර ප්‍රචාරය කිරිමට ඉඩ සලසා නොදෙයි.එය ප්‍රචාරය කළ යුත්තේ ඔවුන් හරහා යැයි තහංචියක්ද දමා තිබේ.

    2023.08.26 වන දින සිය මාධ්‍යයෙන් පෙරහර සජිවිව විකාශය කරමින් සිටි ශ්‍රී ලංකා නිව්ස් වෙබ් අඩිවියට එදින රාත්‍රි 9.40ට පමණ 0767464556 අංක දරණ දුරකතන අංකයෙන් කතාකළ දළදා මාලිගාවේ මාධ්‍ය ඒකකයේ අයකු පෙරහර සජිවි විකාශය වහාම නවතා දමන ලෙස තර්ජනය කර ඇතැයි ප්‍රවෘත්ති පළවි තිබිණ.

    මෙවැනි තහංචියක් දැමිමට දළදා මාලිගාවේ මාධ්‍ය ඒකකයට කිසිදු අයිතියක් නොමැත.

    1980 අංක 34 දරණ ඇසළ පෙරහර භාරය පනත අනුව සතර සහ දේවාල ඇතුළු දළදා පෙරහර සඳහා කිසිදු ආකාරයකින් මුදල් එකතු කිරිමට නොහැක.එසේ එකතු කරන්නේනම් රජයේ මහ භාරකාරවරයාගෙන් ලිඛිත අවසරයක් ගතයුතුය.එසේ නොකර මුදල් එකතු කිරිම දඬුවම් ලැබිය හැකි වරදකි.

    දළදා මාලිගාවේ මාධ්‍ය ඒකකය මගින් ප්‍රචාරය කරන්නේ දළදා පෙරහරයි.එසේ ඔවුන් පෙරහර සජිවි ලෙස ප්‍රචාරය කරනවිට මෙන්ම පෙරහරෙන් පසු ප්‍රචාරය කරන ස්තුති සටහනටද විවිධ ආයතනවල ලාංජන ඇතුළත් කර තිබෙනු දක්නට ලැබේ.එසේ ආයතනවල ලාංජන ප්‍රචාරය කිරිමට අධික මුදලක් මාධ්‍ය ඒකකයෙන් ලබාගන්නා බව පැහැදිලිය.ඔවුන්ට එසේ කිරිමට අවසර දුන්නෙ කවුරුන්ද යන්න ප්‍රශ්නයකි.

    මාධ්‍ය ඒකකය විසින් දළදා පෙරහර මේවනවිට ව්‍යාපාරයක් කරගෙන ඇති බව පෙනේ.ඔවුන් ප්‍රචාරය කරන්නේ දළදා පෙරහර නිසා එහි ප්‍රචාරක කටයුතු සදහාද 1980 අංක 34 දරණ ඇසළ පෙරහර භාරය පනත අනුව මුදල් රැස්කළ නොහැකිය.

    මාලිගාවේ මාධ්‍ය ඒකකය විසින් මුදල් රැස්කරන ආයතනවල ලාංජනද සහිතව පෙරහර සජිවිව විකාශය කරන නිසා වෙනත් මාධ්‍ය ආයතනයකින් ⁣පෙරහර ප්‍රචාරය කිරිමට ඔවුන් ඉඩ නොදේ.එසේ කළහොත් එහි නිලධාරින් තර්ජනය කරන බව පසුගිය 27 වැනිදා කළ තර්ජනයෙන්ම පැහැදිලිවේ.
    අවසන් රන්දෝලි පෙරහරදා අනෙක් මාධ්‍ය විසින් එය සජිවිව ප්‍රචාරය කළයුත්තේ මාලිගාවේ මාධ්‍ය ඒකකය හරහාය.ඒ සදහාද ඔවුන් මුදල් අයකරනු ඇතැයි අප තුළ සැකයක් පවති.
    ⁣ දළදා මාලිගා අරමුදලින්ද මාධ්‍ය ඒකකයක් පවත්වාගෙන යා නොහැකිය.එසේ කරන්නේනම් ඒ සදහාද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ විශේෂ අවසරය තිබිය යුතුය.

    මහභාරකාරතුමාගේ අවසරයකින් තොරව පෙරහර ප්‍රචාරය සදහා මාලිගාවේ මාධ්‍ය ඒකකය මුදල් රැස්කළේ කෙසේද යන්න සොයා බලන ලෙසත්,මේ සදහා ඔබතුමා අවසර දුන්නේද යන්න දැනගැනිමට සලස්වන ලෙසත් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

    මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමි
    පුත්තලම් දිසාවේ ප්‍රධාන සංඝනායක

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version