හලාවත – තොඩුවාව ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් රථවාහන අංශයේ නිලධාරින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් 15 දෙනා මේ මස 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව වාර්තා වේ.
ඒ සැකකරුවන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රාජකාරියේ නිරතව සිටියදී මාර්ගයේ ගමන්ගත් යතුරුපැදියක් පරීක්ෂා කිරීම සදහා නතර කරන ලෙසට පොලිසිය දැනුම් දුන්නද එය නොනවත්වා ධාවනය කර විදුලි කණුවක ගැටී අනතුරක් සිදුව තිබේ.
එම සිද්ධියෙන් පසු යතුරුපැදිය අනතුරට ලක්කිරීමේ චෝදනාව මත ප්‍රදේශවාසීන් පොලිස් නිලධාරින් දෙදෙනාට පහර දී තිබේ.














































