ඊයේ (17) දින මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ගුරුවරියකට ලිංගික අතරවර කිරීමේ චෝදනා මත 60 හැවිරිදි විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
ඒ එම ප්‍රදේශයේ පෞද්ගලික පාසලක සේවය කල 22 හැවිරිදි තරුණ ගුරුවරියකට බවයි වාර්තා වන්නේ.
ඊයේ දින එම පාසල නොපැවැත්වුණද විදුහල්පතිවරයා විසින් මෙම ගුරුවරියට පවසා ඇත්තේ පාසලේ විශේෂ වැඩක් සදහා පාසලට පැමිණෙන ලෙසයි. එසේ පවසා ගුරුවරිය සවස් කාලයේ ගෙන්වාගෙන මෙම ලිංගික අතවර සිදුකොට ඇති බව පැවසේ.
පසුව ගුරුවරිය විසින් මෙම සිදුවීම මිනුවන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇති අතර මිනුවන්ගොඩ පොලිසිය මගින් සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
මිනුවන්ගොඩ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














































