පෘථිවියේ අටවැනි මහද්වීපය ‘සීලන්ඩියා’ ලෙසත් , නවසීලන්තය මෙම මහද්වීපයට අයත් කොටසක් බවත්, භූ විද්‍යාඥයෝ පෙන්වාදී තිබෙන බව වාර්තා වේ .
‘සීලන්ඩියා’ නමින් අටවැනි මහද්වීපයක් ඇති බව භූ විද්‍යාඥයන් ලොවට පෙන්වා දුන්නේ මීට වසර කීපයකට පෙර වන නමුත් දැන් පැසිෆික් සාගරයේ, අඩි 3,500 ක් ගැඹුරේ ගීල ඇති මෙම මහද්වීපය සම්පූර්ණයෙන් සිතියම්ගත කිරීමට භූ විද්‍යාඥයන් සමත් වී ඇති බව සඳහන් .
මෙම මහද්වීපයට අයත් භූමියෙන් අද මුහුදින් මතුපිට ඇත්තේ නවසීලන්ත දූපත් රාජ්‍යය පමණක් වන අතර 8 වැනි මහාද්වීපයෙන් 94% ක් මුහුදට යටවී ඇති බව ද වාර්තා වේ .
ඉතිරි සියයට 6 ලෙස භූ විද්‍යාඥයන් සලකන්නේ නවසීලන්තයයි.
ස්වභාවික ව්‍යසනයක් හේතුවෙන් මෙම මහද්වීපය මුහුදේ ගිලෙන්න ඇත්තේ වසර 375 කට පෙර බව භූ විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ.
මෙම 8 වැනි මහාද්වීපයේ මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 5ක් පමණ වන බවත් , ඒ අනුව ‘සීලන්ඩියා’ මහද්වීපය මැඩගස්කරයට වඩා 6 ගුණයක් පමණ විශාල වන බවද සඳහන්.














































