English
සිංහල
14:22 බ්‍රහස්පතින්දා, අප්‍රේල් 30, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    කතරගම මංගල්‍යයට පහළවන තින්නෝරුවල අරුම පුදුම කතාව!

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    කතරගම ඇසළ මංගල්‍යය ළංවීමත් සමඟ ස්වාභාවික ව පොළවෙන් හට ගන්නා තින්නෝරු ලබා ගැනිමට පසුගිය කාලයේ තින්නෝරු පතල් කැපීමත් දකින්න ලැබුණා. .සුදු පාට පව්ඩර් වර්ගයක් වැනි මේ පූජනීය තින්නෝරු මොනවද කියලා සොයා බලමු.

    ලොව එකම ස්වභාවික තින්නෝරු:
    අප රටේ පමණක් නොවෙයි, ලොව ඇති ඕනෑම දේවාලයකට කෝවිලකට පැමිණෙන බැතිමතුන්ට දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කර නළලේ ආලේප කරන්නේ තින්නෝරු යි. තින්නෝරු, විභූති, පරහද යන නම්වලින් ද මෙය හදුන්වනවා.

    කතරගම දි නම් කපු මහතා ආශිර්වාද කර ඔහු ම බැතිමතුන්ගේ නළලේ තින්නෝරු ගානවා. තින්නෝරු හෙවත් විභූති නම් සුදු පැහැති පිටි වැනි පාෂාණ කුඩු ලොව ස්වාභාවිකව ම ලැබෙන එකම ස්ථානය ඇත්තේ කතරගම පමණ යි.
    ඉන්දියාවේ ද කෝවිල් සඳහා විශාල වශයෙන් විභූති තනා ගන්නවා. ඔවුන් තින්නෝරු නිපදවන්නේ වියළා ගත් ගොම මතට පිදුරු දමා හොඳින් ගිනි අවුළුවා ගැනීමෙන් පසු එකතු වන අළුවලින්. එය තැනීමත් පුජනීය කාර්යයක් ලෙස සිදු කරන්නේ වේද මන්ත්‍ර ගායනා කරමින්. එසේ තනන තින්නෝරු පැකට් කර විකිණීමත් ඉන්දියාවේ සිදුවෙනවා.

    තින්නෝරු කතරගම දී ස්වභාවික ව හට ගැනීම දේව හාස්කමක් බව කතරගම වැසියන්ගේ විශ්වාසය යි. කතරගම දේවාලයේ සෑම පුජාවක් අවසානයේ දී බැතිමතුන්ට තින්නෝරු ලබා දීම සිරිතක්. දේවාලය වෙත පැමිණෙන සෑම බැතිමතකු ම සිය නළලේ තින්නෝරු ආලේප කරගැනීමට කැමැත්තක් දක්වනවා.
    දේවාලයේ පූජාවෙන් පසු පෝලිමේ ගොස් තින්නෝරු නළලේ අලේප කරවා ගන්නා අන්දම දැක ගත හැකි යි.

    ශ්‍රී ලංකාවේ පවතින අනෙක් දේවාල සහ කෝවිල්වලත් බැතිමතුන්ට තින්නෝරු ලබා දෙනවා. අලූත් වාහනයක් රැගෙන කතරගම පැමිණෙන බැතිමතුන් සිය වාහනයට තින්නෝරු කුඩු ඉසිම හෝ එහි තින්නෝරුවලින් දේව සංකේත ඇඳීමත් දැකගත හැකි යි…

    තින්නෝරු කන්ද

    සැම වසරක දී ම කතරගම ඇසළ උළෙල ආසන්න වන ජුනි – ජූලි මාසය ආසන්නයේ සුදු පැහැති පිටි වැනි මෙම ද්‍රව්‍යය පොළොවේ හට ගන්නෙවා. තින්නේරු පිහිටි බිම කතරගම වැඩ සිටි කන්දට ඊසාන දිගින් සහ ප්‍රකාශ කන්දට උතුරින් මහා දේවාලයට ගිනිකොන දිසාවෙන් පිහිටි වන වදුලක්. වර්තමානයේ මෙම ප්‍රදේශය හුණුකැටවල ලෙසයි හඳුන්වන්නේ.

    එය පිහිටා ඇත්තේ දෙටගමුව ග්‍රාම සේවා වසමෙ යි. අතීතයේ දී එය තිරිනෝරුමල වීභූති කන්ද ලෙසත් හඳුන්වා තිබෙනවා. අතීතයේ සිට කතරගම දේවාලයට සහ විවිධ දේවාල, කෝවිල් වෙත තින්නෝරු ලබා ගන්නා මෙම පාෂාණය ඇති හුනුකැටවල ඉඩම දෙවියන් වෙනුවෙන් වෙන් වූ ස්ථානයක් ව පැවැතුණා. ඒ අවට මිනිස් වාසයෙන් තොර වනගත වටපිටාවක් තමයි පැවතුණේ….

    තින්නෝරු ලබා ගැනීම

    ඇසළ මංගල්‍යය ළංවීමත් සමඟ කුඩා කැට වශයෙන් පස්වල හට ගන්නා තින්නෝරු මාස 3 වැනි කෙටි කාලයකින් නැවත ගල් වී අතුරුදහන් ව යනවා. තින්නෝරු හට ගන්නා කාලයේ දී කතරගම ප්‍රදේශවාසින් මස් මාංශයෙන් තොර ව පේවි දෙවියන්ට බාර හාර වී තින්නෝරු නෙළා ගැනීමට පැමිණෙනවා. ඔවුන් පොළාවේ මතුපිට සිට අඩි 3 ක් පමණ ගැඹුරට වළක් කැපීමෙන් පසු කුඩා දෝනා ලෙස හාරමින් මෙම ද්‍රව්‍ය ලබා ගැනීම සිදුවෙනවා.

    ඉන්පසු ඒවා එකතු කර හලා ගල් වැලි ඉවත් කරනවා.
    සුදුවු මෙම කැට අව්වේ වියළා ගෙන පිටි බවට පත්කර හලා ගෙන දේවාලයට ලබා දීම සිදුවෙනවා. පුරාණයේ පටන් ම තින්නෝරු නෙළීම සිදුකරන පාරම්පරික පිරිසක් කතරගම සිටිනවා. ලබා ගන්නා තින්නෝරු ශ්‍රී ලංකාවේ පිහිටි වෙනත් දේවාල කෝවිල් වෙත විකීණීමත් සිදුවෙනවා. කතරගමට පැමිණෙන ඉන්දිය හින්දු බැතිමතුන් ඉන්දියාවේ ඇති කෝවිල් සඳහාත් කතරගම තින්නෝරු රැගෙන යාම සිදුවෙනවා. ඊබේ වෙබ් අඩවියේ ද කතරග තින්නෝරු අලෙවියට ඉදිරිපත් කර ඇත්තේ ශුද්ධ වූ අළු වශයෙනුයි. එහි ග්‍රෑම් 100ක මිල ඩොලර් 15ක් පමණ වෙනවා…

    තින්නෝරු උපන් හැටි

    තින්නෝරු ලැබුණු ආකාරය සම්බන්ධව දේව කතාවක් කතරගම පැතිර තිබෙනවා:
    ස්කන්ධ කුමරු හා යුද වැදුණු සුරපත්මා අසුරයාගේ සියලු සේනා මරණයට පත් ව ඔවුන් පරාජයට පත්වුණා. සුරපත්මා අසුරයා පමණක් පණ බේරා ගෙන පලා ගියා. සුරපත්මා සිටියේ මහත් කනගාටුවෙන්.

    එම අවස්ථාවේ දී ඔහුගේ සිත සැනසීමට අසුරයාගේ මව වන මායා පැමිණියා. ඇය තම පුතණුවන්ට පැවසුවේ ලොව එක ප්‍රහාරයකින් යටත් කර ගැනීමේ වික්‍රමයක් ඇති තොපට ඊශ්වර මුර්ති ස්වරූප ස්කන්ධයන්ගෙන් නම් කවදාවත් ජයගත නොහැකි බව යි. කඳ කුමරු සමඟ කරන මෙම සටන නවතා දමන ලෙස මව සුරපත්මා අසුරයාගෙන් ඉල්ලා සිටියා. නමුත් අසුරයා එයට කන්දුන්නේ නැහැ. යළිත් සුරපද්මා අසුරයා තම සහෝදරයන් වන තාරකා සහ සිංහමුඛ යන අසුරයන් සමඟ ගොස් කඳ කුමරු හා සටන් කළා. සිදුවුණේ එම සහෝදරයන් දෙදෙනාත් කඳ කුමරුන් අතින් මිය යාම යි.

    සිය මව යළිත් හමු වූ සුරපද්මා අසුරයා සටන් රණ ශූරයකු වු තමන්ට මින් අත්වන ලජ්ජාව නිසා තමන් කඳ කුමරු සමඟ තනිව ම සටන් කරන බව කිව්වා. හිතුවක්කාරකමින් සටන් කරන්නේ නම් හිමාල කඳු මුදුනේ ඇති මෘත සංජිව නම් ඖෂධයෙන් පිරුණු කන්ද මෙහි ගෙනවිත් තබන ලෙස මායා මෑණියන් අසුරයාට කිව්වා.

    කඳ කුමරු කන්ද අළු බවට පත් කළා

    මෙම කන්ද ලංකාවට රැගෙන ආවොත් තුවාල ලබා මිය යන සේනාවලට යළිත් නින්දෙන් පිබිදුණා මෙන් ජිවය ලැබිය හැකි බව ඇය පැවසුවා. ඒ අවවාදය පිළිගත් අසුරයා ඖෂධ කන්ද අද තින්නෝරු පිහිටි බිමට රැගෙන ආ බව පැවසෙනවා. එය දුටු කඳ කුමරු කන්ද අළු බවට පත් කළා. ඖෂධ පැළෑටි පිරි කන්ද ගිනි ගෙන අළු ගොඩක් බවට පත් වු අතර එම අළු අද තින්නෝරු ලෙස ගොඩ ගන්නා බවයි ජනප්‍රවාදයේ පැවසෙන්නේ.

    බැතිමතුන්ගේ තුවාල සුව කරයි

    දෙවියන් වෙනුවෙන් කරන පුද සිරිත්වල දී සමහර බැතිමතුන් ශාරීරික වද හිංසා හා වේදනා ඇති කරවන කාර්යයන් හි යෙදෙනවා. ශරීරය පුරා කටු ගසා ගෙන එම කටුවලින් හම ඇදී යන සේ එල්ලෙමින් ඔවුන් සිටිනු දැකගත හැකි යි. එහිදී ඇති වන තුවාලවලට ඖෂධ ප්‍රතිකාරයක් කරන්නේ නැහැ. කතරගම මහ දේවාලයේ දී ඔවුනට කරන්නේ තුවාල ඇති ස්ථානවල “තින්නෝරු” ආලේපය පමණ යි.
    තින්නෝරු ඉඩමත් අල්ලාගෙන:
    දේවාල,..

    කෝවිල් වෙත පැමිණෙන බැතිමතුන් සඳහා නළලේ තබන තිලක සඳහා ගන්නා තින්නෝරු පාෂාණය ඇති රුහුණු මහා කතරගම දේවාලයට අයත් අක්කර 55ක ඉඩමේ කෙටස් මේ වනවිට කොළඹ ධනපති ව්‍යාපාරිකයන් නිවාඩු නිකේතන සාදවා අත්පත් කර ගෙන තිබෙන බව වාර්තා වෙනවා. කතරගම නිවාඩු නිකේතනවලට ඇති අධික ඉල්ලුම නිසා තමයි එසේ ඉඩම් අල්ලාගෙන තිබෙන්නේ. මෙම ප්‍රදේශය අත්පත් කර ගැනීම නිසා ඉකුත් 2010 වසරේ මෙම ඉඩම් මැන කතරගම ප්‍රාදේශීය ලේකම්වරයකු ව සිටි බී.එම්. අතපත්තු, අක්කර 55ක ඉඩම එවකට සිටි බස්නායක නිලමේ වූ ශෂීන්ද්‍ර රාජපක්ෂ වෙත ලබා දීමත් සිදුවුණා. එසේ නීත්‍යනුකූලට ලබා දුන් ඉඩමත් ඉන්පසු ව්‍යාපාරිකයන් අත්පත් කර ගෙන ඇති බව පවැසෙනවා.‍..

    මේ වනවිට බැතිමතුන්ගේ නළලේ තබන තිලකයට අවශ්‍ය තින්නෝරු නෙළා ගැනීමට ඇත්තේ සුළුබිම් කොටසක් පමණ යි. තින්නෝරු බහුල ව ඇති ස්ථාන වෙත ඇතුළු වීමට ඉඩම් අල්ලා ගත් පිරිස් ඉඩ ලබා නොදෙන බව ද කතරගම ජනතාව පවසති. රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමීපාල ටී. රත්නායක පවසන්නේ මෙම ඉඩම් අතීතයේ සිට ජනයා භක්තියෙන් රැක ගත් භූමියක් බව යි. දේවාලයට අයත් මෙම ඉඩම් සම්බන්ධ ව කටයුතු දේවාලයේ බස්නායක නිලමේවරයා නිරන්තයෙන් සොයා නොබැලීම නිසා ඒවාට විවිධ පුද්ගලයන් අයිතිය කියමින් පැමිණ අල්ලාගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

    (“සෙංකඩගල මීඩියා” මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදි.)

    Tags: විශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    ආගමික

    ශ්‍රී පාදෙ ගිය රස්තියාදුකාර තරුණයෝ 23 ක් අත් අඩංගුවට!.

    පෙබරවාරි 23, 2024
    අධ්‍යාපන

    රනිල්ගේ හිඟා කෑම සහ ගැට නොවැටීම!. ජනපතිට නැවත ජනපති විය නොහැක!

    පෙබරවාරි 16, 2024
    රාජ්‍ය පරිපාලන

    රත්නපුරේ ඇමතිට එරෙහිව ගම්පොළ මහජන විරෝධයක් !

    පෙබරවාරි 16, 2024
    විදේශීය පුවත්

    ”CEYONESE CRAB ” සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වා දෙයි.

    පෙබරවාරි 4, 2024
    පුරාවිද්‍යා

    මහා විජයබාහුගේ සටන් බිම මානාවුළුපුර

    ජනවාරි 4, 2024
    විශේෂාංග

    පී. චන්ද්‍රසේකරන් මහතා වෙනුවෙන් ගුණානුස්මරන උළෙලක්

    දෙසැම්බර් 31, 2023
    ආරක්ෂක අමාත්‍යාංශය

    විශ්‍රාමික හමුදා නිලධාරියෙක් තනතුරුවලට පත්කිරීමේ භයානක කම සහ ආරක්ෂක ලේඛම්ගේ අයහපත් හැසිරීම.

    දෙසැම්බර් 30, 2023
    විශේෂාංග

    නැවත සොයා ගත් ” මොනාලිසා “

    දෙසැම්බර් 29, 2023
    තරුණ සහ ප්‍රජා පුවත්

    ඉලක්කයක්, දැක්මක්, කැපකිරීමක් නැති අපේ තරුණයන්ට, අපේ තරුණයෙක්ගෙන්ම පාඩමක්

    දෙසැම්බර් 22, 2023
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version