රෝගාතුරව නිවසේ සිටින තම මවට ප්‍රතිකාර ලබාදීමට යාම සඳහා නිවාඩු ලබා නොදුන් බව කියමින් හලාවත පොලිස් අධිකාරී කොට්ඨාසය යටතේ පාලනය වන ආරච්චිකට්ටුව පොලිස්ථානයේ රාජකාරි කරන ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු අද (25) පොලිස් පොතේ ඒ හා සම්බන්ධව සටහනක් තබා රාජකාරියෙන් බැහැරව ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග වාර්තා කර තිබේ.
රෝගාතුරව සිටින තම මව බැලීමට යාමට නිවාඩු ඉල්ලා සිටියත් , එම නිවාඩු අනුමත නොකිරීම නිසා තමාට තවදුරටත් රාජකාරි කරගෙන යෑමට තරම් මානසික තත්ත්වයක පසු නොවන බව අදාළ පොලිස් කොස්තාපල්වරයා විසින් පොලිස් පොතේ සටහන් කර ඇති බව සඳහන්.
පොලිස් ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ දින 60ක කාලයක් නිවාඩු ලබා නොගෙන රාජකාරි කර ඇතත් , රෝගාතුරව සිටින මව බැලීමට යෑමට නිවාඩු අනුමත කර නොදුන් නිසා ආධුනික පොලිස් කොස්තාපල්වරයා සිත් වේදනාවෙන් පසුවූ බවයි.
එසේ රාජකාරියෙන් බැහැරව ගොස් ඇත්තේ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකි.