විනිසුරුවරුන්ගේ වැටුප්වලින් අය කරනු ලබන බද්ද බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරනු ලැබූ රිට් පෙත්සම් දෙක පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම සදහා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කළ බවට වාර්තා වේ.
එමෙන්ම ඉන් පසු මෙම රිට් පෙත්සම මෙම මස 22 වනද යළි කැදවීමට අධිකරණය විසින් නියම කළ බව වාර්තා වේ. විනිසුරුවරුන්ගේ වැටුප්වලින් අදාළ බද්ද අය කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගයද 22 වනදා දක්වා දීර්ඝ කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් නියෝග කළ බව සදහන් කරයි.














































