කාන්තාවකගේ නිරුවත් මළ සිරුරක් කළුතර උතුර වෙරළේ පාවෙමින් තිබියදී අද (28) උදෑසන ප්‍රදේශවාසින් විසින් සොයාගෙන ඇති බව වාර්තා වේ.
මේ අතර ඊයේ (27) පස්වරුවේ කළුතර ,උතුර පොලිස් වසමේ වස්කඩුව වෙරළ තීරයට ගොඩගසා තිබියදී වයස අවුරුදු 03ක පමණ දැරියකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
අද දිනයේ සොයාගත් කාන්තාවගේ මළ සිරුර ,ඊයේ සොයාගත් දැරියගේ මවගේ මළ සිරුර බවට පොලිසිය සැක පළ කරනු ලබයි.
මේ අතර හල්කඳවිල ප්‍රදේශයේ මවක සහ දියණියක අතුරුදහන්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බව සදහන්.














































