හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයාගේ සහ එහි කාර්‍ය මණ්ඩලයේ රාජකාරි කටයුතු වලට බාධා කළ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෝටර් රථයක් මිළදී ගැනීම සම්බන්ධයෙන් පැවති නඩු කටයුත්තකට අදාළව මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීමට සැකකරුගේ නිවසට ගිය අවස්ථාවේදී මෙම බාධා කිරීම සිදු කර ඇති බව සදහන්.
මේ පිළිබඳව රෙජිස්ටාර්වරයා නෝර්වුඩ් පොලිසියට කළ පැමිණිල්ලකින් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.














































