රේල් පීලි සොරකම් කරන පිරිසක් ඒවා ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කළ රේල් පීලි අතර ධාවනය කිරීමට හැකි රථයක් අද (15) උදෑසන කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ යාල් රාණි දුම්රියේ ගැටීමෙන් අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.
රේල් පීලි සොරකමේ යෙදී සිටි පිරිස ඉන් පලා ගොස් ඇති අතර පීලි 15 ක් ඔවුන් විසින් කටාරයක් ආධාරයෙන් වෙන් කර තිබූ බව අනාවරණය වී තිබේ.
පලා ගිය සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක බව සඳහන් වේ.