ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත මැයි මසට සාපේක්ෂව ජුනි මස ඩොලර් මිලියන 23 කින් පහළ ගොස් ඇති බවත් , එය 0.7% ක සුළු පහත වැටීමක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව මැයි මස නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 3,491 ක් බවත් එය ජුනි මස වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 3,468 ක් දක්වා පහත වැටී ඇති බවත් මහ බැංකුව සඳහන් කර තිබේ.
එමෙන්ම මෙම සංචිත වත්කම් තුළ අන්තර්ගත විදෙස් මුදල් සංචිතය ජුනි මස දී ඇමෙරිකානු ඩොලර් මිලියන 3, 430 ක් බවත් එය මැයි මස දී ඩොලර් මිලියන 3,445 ක් වූ බවත් එය සැසඳීමේ දී 0.4% කින් පහළ වැටී ඇති බවත් වාර්තා වේ.













































