තීරණ කිහිපයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හදිසි රැස්වීමක් එම පක්ෂයේ සභාපති , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පස්වරුවේ ඩාර්ලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ලේකම් හිටපු මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සඳහන් කරනු ලැබුවේ පක්ෂයේ ලේකම් ධූරය පිළිබඳව අධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී දැනුවත් කිරීමට නියමිත බවයි.














































