රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී දරුවෙකුගේ සැත්කමක් අතරතුර වකුගඩු දෙකම ඉවත් කිරීමේ පුවතක් අප මීට පෙර වාර්තා කරන ලදී. කෙසේ වෙතත් මෙම දරුවා පසුගිය 27 වනදා මියගොස් තිබෙන බව වාර්තා වේ .
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී වකුගඩු ශල්‍යකර්මයකින් පසු තුන් හැවිරිදි දරුවෙකු මියයාමේ සිදුවීම වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් සිදුවූ බවට දරුවාගේ මව්පියන් චෝදනා කරන අතර වකුගඩු ආශ්‍රිත ශල්‍යකර්මයකින් පසු විෂබීජයක් ශරීරගත වීම හේතුවෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කොටහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 3යි මාස 03ක් වූ මෙම පිරිමි දරුවා මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ .
එම දරුවාගේ වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයක් පවතින බවට වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන තිබූ අතර, එහිදී වම් වකුගඩුව ඉවත් කළ යුතු බවත් , දකුණු වකුගඩුව නීරෝගී තත්ත්වයේ පවතින බවත් වෛද්‍යවරුන් හඳුනාගෙන තිබූ බවත් සදහන් .
නමුත් නීරෝගී දකුණු වකුගඩුවත් ශල්‍යකර්මය අතරතුර ඉවත් වී ඇති බවට වෛද්‍යවරුන් පසුව ප්‍රකාශ කළ බව මව්පියන් සඳහන් කරන අතර වකුගඩු දෙකම නොමැති වීම හේතුවෙන් වකුගඩුවක් බද්ධ කිරීම සිදුකරන තෙක් රුධිර කාන්දුකරණ ප්‍රතිකාර සඳහා යොමු කර සිටි දරුවා, විෂබීජයක් ශරීරගත වීමෙන් මෙලෙස මිය ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බිළිදාගේ මව ,
”බයවෙන්න එපා මාස තුනකින් වගේ ඕගොල්ලන්ට අපි වකුගඩුව හොයලා එයාට බද්ධ කරලා එයාව ජීවත් කරවන්නම් කියලා තමා කිවුවේ. ඒකෙ විශ්වාසට තමා ළමයගේ තත්ත්වය අපි බලාපොරොත්තු වෙලා ඉවසගෙන හිටියේ. අන්තිමට මගේ ළමයගේ වකුගඩු දෙකම නෑ කියලා කිවුවා. එන්ඩ එන්ඩ තමා එයා වීක් වුණේ. එයාට බඩ යන්න පටං ගත්තා. එයාට ඉන්ෆ්ලෙක්ෂන් එක වැඩි වුණා. එහෙම එහෙම වෙලා දුර්වල වෙලා කන්නෙ බොන්නෙ නැතිවෙලා වතුර උගුරක් වත් අන්තිමට බිවුවෙ නෑ. අන්තිමට මගේ ළමයා මට නැතිවුණා”














































