වයස අවුරුදු 14 ක පිරිමි දරුවෙකු යන්තම්පලාව නගරයේදී බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් වූ බවට වාර්තා වේ.
කාත්තන්කුඩිය ප්‍රදේශයේ සිට සිය මස්සිනා බැලීම සදහා කුරුණෑගල රෝහලට පැමිණ ආපසු යාමට උත්සාහ කිරීමේදී දරුවාට බස් රථය වැරදී තිබේ.
එම නිසා නැවත කුරුණෑගලට යන ආකාරය විමසීමට අසල වූ ලීසිං සමාගමකට ගිය මෙම දරුවා එහි සේවකයින් තිදෙනෙකු අතින් බරපතළ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව සදහන්.
මෙම සිද්ධිය සැලවීමත් සමග ප්‍රදේශයේ තරුණයින් විසින් අදාල ලීසිං සමාගම වටකරමින් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කළ බව සදහන්.
නමුත් පොලිසිය පැමිණීමේ ප්‍රමාදයත් සමග සැකකරුවන් එම ස්ථානයෙන් පළාගොස් ඇති බවට තරුණයින් චෝදනා කර තිබේ.














































