කැලිෆෝනියාවේ පැවති මුදල් එක් රැස් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් චීන ජනාධිපතිවරයා ඒකාධිපතිවරයෙක් බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයින්ඩින් චෝදනා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෝක බලවතුන් දෙදෙනා අතර මතුවී ඇති ගැටළු නිරාකරණය සඳහා චීන ජනපති ෂී ජින්පින් සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් අතර පැවති සාකච්ඡාවෙන් දින කිහිපයකට පසු මෙලෙස චෝදනා කිරීම විශේෂත්වයක් බව සඳහන් වේ.
ඇමෙරිකානු ජනපති විසින් චෝදනා කළ සිද්ධිය සම්බන්ධයෙන් චීනය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ.















































