අම්පාර , පානම ප්‍රදේශයේ පාසලක පළමු වසරේ ඉගෙනුම ලබන අවුරුදු 5ක් වයසැති දැරියකගේ කනට ගැසූ ගුරුවරිය සැකපිට අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම ගුරුවරිය පහරකෑමට ලක් වූ සිසුවියගේ පන්තිභාර ගුරුවරිය බව සඳහන් . ඇය 54 හැවිරිදි අයෙකි.
එමෙන්ම මෙසේ පහරකෑමට ලක් වූ බාලවයස්කාර සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර තිබේ.