අධික ලෙස මත්පැන් බී සීදුව පොලීසියේ දේපළවලට හානි කරමින් සහ පොලිස් නිලධාරීන්ට පහර දෙමින් කළහකාරී ලෙස හැසිරුණු පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස වැඩ තහනමකට ලක්ව ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශයට අනුයුක්තව සීදුව පොලීසියේ රාජකාරි සිදු කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
සීදුව පොලීසියේ පොලිස් කොස්තාපල් වරයකුට පහර දී ඇති අතර පොලිස් භට නිවාසය තුළද කළහකාරී ලෙස හැසිරී ඇති බවට පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.














































