සියදිවි හානිකර ගැනීමට වස පානය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ප්‍රතිකාර සඳහා බලංගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මිරිහාන පොලිස් සංදේශ කොට්ඨාශයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
සිය පෙම්වතිය හැරයාම නිසා ඇතිවූ සිත් තැවුල මත සිය දිවි හානිකර ගැනීමට පොලිස් කොස්තාපල්වරයා බලංගොඩ පෙට්ටිගල ප්‍රදේශයේ දී වස පානය කර ඇති බවට පොලිසිය පවසයි.
මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු බලංගොඩ පොලිසිය විසින් සිදුකරනු ලබයි.














































