පොලිස් ස්ථානය තුළදී සිය බිරිඳට පිහියකින් ඇණීමට සූදානම් වූ පොලිස් කොස්තාපල්වරයෙකු නාගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
පොලිස් කොස්තාපල් සැමියා සමඟ ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් මෙම බිරිඳ නාගොඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර එම පැමිණිල්ල විභාග කිරීමට නාගොඩ පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේදී අධික ලෙස බීමත්ව සිටි පොලිස් කොස්තාපල්වරයා පිහියකින් ඇනීමට සූදානම් වී තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වේ .