රාත්‍රී කාලයේ නිවසකට අයුතු ලෙස ඇතුල් වී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු එරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශය මාන්කුලම උප ඒකකයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
පසුගිය 28 වැනිදා රාත්‍රියේ නිවසකට අයුතු ලෙස ඇතුල් වී සිටියදී ප්‍රදේශවාසින් විසින් අල්ලා එරගම පොලීසියේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවට එරගම පොලීසිය වැඩිදුරටත් පවසයි.
මේ සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු එරගම පොලීසිය විසින් සිදුකරනු ලබයි.














































