එතන මඩල ප්‍රදේශයේ දී රාත්‍රියේ යතුරුපැදියකින් ගමන් ගත් කාන්තාවකගේ ගෙල බැද සිටි රන් මාලය පල්සර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණි පොලිස් කොස්තාපල් රියදුරුවරයෙකු විසින් කඩා ගැනීමට උත්සාහ කර ඇති අතර ඔහුව උතුරු කළුතර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට භාර දීමෙන් පසු සැකපිට අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙලෙස සැකපිට අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා බදුරලිය පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කරන අයෙක් බවත් ඔහු වස්කඩුව පොලිස් වසමේ පදිංචි අයෙක් බවත් සඳහන්.
පොලිස් කොස්තාපල්වරයා මාලය කඩා ගැනීම සඳහා පැමිණි යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් උතුරු කළුතර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරනු ලබයි.