තම ප්‍රේම සබඳතාවය බිඳ වැටීම නිසා සිත් තැවුලට පත්ව පොලිස් කොස්තාපල්වරයෙකු සියදිවි හානිකර ගැනීමට බෙහෙත් පෙති පානය කර තිබෙන බව වාර්තා වේ.
වාර්තා වන ආකාරයට කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ මෙම කොස්තාපල්වරයා තනිකඩ භට නිවාසය තුළදී මෙලෙස පෙති පානය කර තිබේ.
මෙම පොලිස් නිලධාරියා විවිධ ලෙඩ රෝගවලට ලබා දෙන බෙහෙත් පෙති 20 ක් පමණ පානය කර ඇති අතර අනතුරුව ඔහු ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහල වෙත ඇතුළත් කර තිබේ.














































