කළු දුමාරය පිටකරන වාහන වැටලීමට වායු විමෝචන අරමුදලෙන් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙන අතර වාහනවලින් පිටකරන කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රිජන් ඩයොක්සයිඩ්, දූවිලි අංශු ඇතුළු මිනිස් සිරුරට අහිතකර මෙම වායු නිසා මහජනතාව පිළිකා රෝග, ශ්වසන ආබාධ ඇතුළු රෝගාබාධවලට ගොදුරුවන බව සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් පෙන්වා දෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
දත්ත වාර්තාවලට අනුව මෙරට මාර්ගවල දිනපතා වාහන ලක්ෂ 70ක් පමණ ධාවනය වන අතර කොළඹ නගරයේ පමණක් දෛනිකව ධාවනය වන වාහන සංඛ්‍යාව මිලියනයක් පමණ වන බව සඳහන්.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ මෙම සමස්ත වාහන අතරින් 30%ක් පමණ කළු දුමාරය පිටකරන බවට අනාවරණය වී ඇති බවයි.
ඒ අනුව අධික ලෙස කළු දුමාරය පිටකරන ලොරි, බස් රථ ඇතුළු වාහන සම්බන්ධයෙන් වායු විමෝචන අරමුදලේ 070 3500 525 යන වට්ස්ඇප් අංකයට ඕනෑම අයෙකුට පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබාදී තිබෙන බව වාර්තා වේ .
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ මාර්ගයේදී කළු දුමාරය පිටකරන වාහනයේ ඡායාරූපයක්, වාහනය ගමන් කරමින් තිබෙන ස්ථානය සහිතව ඉහත අංකයට වට්ස්ඇප් පණිවුඩයක් යොමු කිරීමෙන් අදාළ වාහනයට විරුද්ධව පියවර ගැනීමට වායු විමෝචන අරමුදල කටයුතු කරන බවත් , නීති පිළිනොපදින අදාළ වාහනවල ආදායම් බලපත්‍රය අසාදු ලේඛනගත කිරීමට කටයුතු කරන බවත් , එලෙස අසාදු ලේඛනගත කෙරෙන වාහන වෙනත් අයෙකුට විකිණීම හෝ පැවරීම කළ නොහැකි බවත් ය.














































