මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ වශයෙන් තිබූ කේරල ගංජා සොරාගත් අධිකරණ ලිපිකරුවෙකු මන්නාරම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අධිකරණයෙන් සොරාගත් කේරල ගංජා කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 820 සහිත පාර්සල් දෙකක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු අඩම්පන් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහුට ආධාර අනුබල දුන් තවත් එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවට පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.
 
	    	



























 
		    
















