පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ වන්දි සම්පූර්ණයෙන්ම ගෙවීමට අපොහොසත් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අය විසින් තම වත්කම් හා බැරකම් දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළ බව වාර්තා වේ .
දෙසැම්බර් මස 30 වනදාට පෙර එම දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙසට එහිදී නියෝග කළ බව සඳහන් .
පාස්කු ප්‍රහාරයට අදාළව ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් අද කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝග නිකුත් කරන ලදී .















































