English
සිංහල
04:15 සෙනසුරාදා, නොවැම්බර් 1, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    කඩා වැටුණු ගුවන් යානය සහ දයාසිරිගේ ඇණගැනිල්ල.

    Ravana Publisher by Ravana Publisher
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    අප ශ්‍රී ලාංකිකයන් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව පමණක් නොව සමස්ත ත්‍රිවිධ හමුදාව ,පොලිසිය සහ සිවිල් ආරක්ෂක සේවා බලකාය ඇතුළු මේ සියලු ආයතනවල ගරුත්වය ආරක්ෂා කිරීමට බැදී සිටී.එය ජාතික යුතුකමක් සහ වගකීමක් වේ.

    නමුත් සමහර දූෂිත ආරක්ෂක හමුදා බලධාරීන් නිසා එම ආයතන ආරක්ෂා කර ගැනීම ගැටලුවක්ව පවතී.එබැවින් ඒවායේ සත්‍ය කරුණු වාර්තා කරන විට අපටද නිරන්තරයෙන්ම තර්ජන වලට ලක්වීමට සිදුව තිබේ.

    එසේ නමුත් අප ලියන බොහෝ ලිපි නිසා සමහර රටට හිතෛෂී බලධාරීන්ගේ ඇස් කන් ඇරී ඒවා නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම අප රටක් ලෙස ලබන ජයග්‍රහණයකි.

    යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව තුල ගුවන් යානා කඩා වැටුණත් එය සාමාන්‍ය ජනතාවට දැඩි ලෙස හඳ කම්පා කිරීමේ සිතුවිල්ලක් බවට පත් නොවීය.නමුත් එය මහජන හදවත්වල යම් වේදනාවක් ඇති කිරීමට සමත් විය. යුද සමයේ මෙන් දැඩි වේදනා බර සිතුවිලි පහළ කිරීමට පසුකාලීනව සිදු වූ අනතුරු සමත්ව නැත.නමුත් ගුවන් යානයක් කඩා වැටුණු විට එය විශේෂ අවස්ථාවක් බැවින් සමස්ත රටේ පමණක් නොව ලෝකයේම අවධානය ලක්වන පුවතක් බවට එය පරිවර්තනය වේ.

    ඊයේ (07) චීන වරාය කදවුරට හෝ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යහපත් දිනයක් නොවීය.ඒ P.T6 වර්ගයට අයත් ගුවන් නියමුවන් පුහුණු කරන ගුවන් යානයක් කඩා වැටීම හේතුවෙනි.

    එම ගුවන් යානය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද(08) පාර්ලිමේන්තුවට යම් ප්‍රකාශයක් සිදු කළේය.

    නමුත් අප සොයාගත් සත්‍ය බවට පිළිගත හැකි තොරතුරු වලට අනුව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ ගුවන් යානාව පිළිබඳ තොරතුරු සාවද්‍ය වූවත් ඔහු මහජන නියෝජිතයෙකු ලෙස ප්‍රශ්න කරනු ලැබුවේ මේ අහිමිවන ජීවිතවලට වගකිව යුත්තේ කවුරුන්ද? යන්න පිළිබඳව යි.

    ගුවන් යානය නිෂ්පාදන,නිෂ්පාදන වර්ෂය ආදී තොරතුරු සාවද්‍ය වුවත් වැදගත් වනුයේ අහිමිවන ජීවිතවලට වගකිවයුත්තේ කව්ද ?යන ප්‍රශ්නයට ලැබිය යුතු පිළිතුර සහ තවත් ඉදිරියට මෙවැනි සිදුවිම් සිදුවීමෙන් වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමයි.

    මෙම ගුවන් යානය කඩා වැටීම පිළිබඳව අප කළ විමර්ශණයකදී අනාවරණය වූයේ මෙම වර්ගයේ ගුවන් යානා ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත්තේ 2000 වර්ෂයෙන් පසුව බවයි.

    මෙසේ ඊයේ (07) කඩා වැටුණු ගුවන් යානය ශ්‍රී ලංකාවට මිලදී ගෙන ඇත්තේ 2018 වර්ෂයේදී චීනයෙනි.එවැනි ගුවන් යානා හයක් ශ්‍රී ලංකාවට මිලදී ගෙන තිබේ.ශ්‍රී ලංකාවට මෙලෙස මිලදී ගෙන තිබෙන ගුවන් යානා නිෂ්පාදිත වර්ෂය ලෙස සදහන් වන්නේ 2018 වර්ෂයයි.

    එම ගුවන් යානා ඇමරිකාව, පකිස්ථානය,බංග්ලාදේශය වැනි රටවල් වලින්ද මිලදී ගෙන තිබේ.ඇමරිකාව ගුවන් නියමුවන් පුහුණුවට අමතරව වෙනත් සුවිශේෂී කටයුතු සඳහාද මෙම යානා භාවිතා කරන බවට අන්තර්ජාල තොරතුරු පෙන්වා දෙයි.අන්තර්ජාල තොරතුරුවලට අනුව ඇමරිකාවේ මෙම ගුවන් යානා යම් වෙනස් කිරීමකටද ලක් කර භාවිතා කරනු ලබයි.

    කෙසේ නමුත් වාර්තාවන ආකාරයට මෙම ගුවන් යානය ගුවන් පථයටම කඩා වැටෙන්නේ ගුවන් යානය ගුවන් ගත වී විනාඩි කිහිපයකට පසුවයි.ඒ අනුව යම් යම් ගැටලු කිහිපයක් පැන නැගීම සාමාන්‍ය කරුණකි.

    නමුත් ගුවන් යානයක් වුවත් වාහනයක් වුවත් රොබෝවරයෙක් වුවත් යන්ත්‍ර හෝ මිනිස් ශරීරයක් වුවත් ක්ෂණික බිඳ වැටීම්වලට ලක්වේ.වාහනයක හුළං බැසීමක්, රත්වීමක්,රේඩියේටර් වල සිදුවන යම් යම් දෝෂ මේ ආදී ඕනෑම දෙයක් මහපොළව මතදී අපට නැවත යථා තත්ත්වයට පත් කර ගත හැකි ය.නමුත් හානි සිදු වේ.මිනිස් ශරීරයටද, රොබෝවරුන්ටද, වෙනත් යන්ත්‍රවලටද එසේය.

    කෙසේ වුවත් උඩු ගුවනේ ගුවන් යානා පදවන්නේද මිනිසුන්ය.ගුවන් යානයකට වුවද ක්ෂණිකව දෝෂ ඇති වේ.එය එසේ නැතැයි කීමට නොහැකිය. අනෙකුත් සාමාන්‍ය වාහනවල සිදුවන දෝෂ ගුවන් යානාවලටද හට ගනී. වෙනස නම් උඩු ගුවනේදී කිසිවක් කළ නොහැකි වීමයි.සාමාන්‍ය දෝෂයක් ඇති වූවත් ගුවන් යානා අනිවාර්යයෙන්ම බිමට පතිත වේ.

    එහිදී ගුවන් යානයක යම් කිසි වටිනා කොටසක ඇණයක් බුරුල් වීම,වෙනත් විදුලි පද්ධතියේ යම් කිසි වයර් එකක් ගැලවීම, ගුවන් නියමුවෙකුගේ අතින් වැරදි ස්විචයක් බැරීවීමකින් හෝ අතවැදීමකින් හෝ එබීම ඊට අමතරව ගුවන් යානය මෙහෙයවීමට ඇති වෙනත් යම් කිසි උපකරණයක් අතපසු වීමකින් හෝ ක්‍රියාත්මක වීම හෝ එම අවස්ථාවේදී ඉහළ අහසේ ඇතිවන යම් ස්වභාවික තත්ත්වයන්ට මුහුණ දීමේදී හෝ යම් යම් අනතුරුවලට ලක්වීම වැළැක්විය නොහැකි ය.

    එය ස්වභාවිකව මිනිස් ක්‍රියාකාරකම් වෙනත් යාන්ත්‍රික දෝෂ ආදී මේ ඕනෑම දෙයක් මත සිදුවිය හැක. සමහර විට කුරුල්ලෙකු ගැටීමෙන් වුවද ක්ෂණික අනතුරු සිදුවිය හැක.

    ගුවන් යානයක් ගුවන්ගත කිරීමට පෙර ගුවන් යානයේ එන්ජිම ,බඳ ,විදුලිය සහිත විදුලි පද්ධතිය සහ අනෙකුත් උපකරණ ,ඉන්ධන ආරක්ෂිත උපකරණ ,පණිවිඩ යන්ත්‍ර ආදී සියල්ලම ගුවන් යානා නඩත්තු පිළිබඳ නිලධාරින්ගේ පරීක්ෂාවට ලක් වේ.එම පරීක්ෂණවලින් අනතුරුව ගුවන් යානය යහපත් මට්ටමේ පවතින්නේ නම් පමණක් ගුවන්ගත කිරීම සිදු කරයි.

    ගුවන් යානා අනතුරු පිළිබඳ විශේෂඥයෙකු සහ ලොව අංක එකේ ගුවන් නියමුවෙකුගෙන් සහ ගුවන් යානා පුහුණු උපදේශකයෙකුගෙන් අප මේ පිළිබඳව කරුණු විමසූ විට ඔහු ප්‍රකාශ කළේ මෙවැනි ගුවන් යානාවල අනතුරුවලට හේතුව සෙවීම පහසු කටයුත්තක් නොවන බවයි.

    එයට හේතුව ලෙස ඔහු සඳහන් කරන්නේ මෙම යානාවල කළු පෙට්ටියක් හෝ වෙනත් විශේෂ ගණයේ නව සංකීර්ණ උපාංග නොමැති වීම බවයි.යම් පරීක්ෂණයකින් අනතුරුව වුවද හේතුව 100% ක්ම සොයා ගැනීමට අපහසු බවද ඔහු ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාව වැනි රටවල්වල ඒවා 100% ක් හදුනා ගැනීමට අවශ්‍ය තාක්ෂණය නොමැති බව ඔහු සදහන් කළේය.ඒ අනුව මෙවැනි අනතුරකදී ඇසින් දුටු සාක්ෂි ආදී විශේෂ පරීක්ෂණ මණ්ඩලයකින් පමණක් කරුණු සොයාගත හැකි වූවත් ඒවාද නවීන තාක්ෂණය ඔස්සේ නිවැරදිදැයි සොයා ගැනීමට නොහැකි බවට ඔහු සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ කිසිවෙකුත් හිතාමතාම ගුවන් යානයක් බිමට වැට්ටීමට කටයුතු නොකරනු ඇත.නමුත් ගුවන්ගත වී ඉතාම කෙටි කාලයක් තුල ගුවන් යානයක් බිමට ඇද වැටුණේ නම් එයට වගකිවයුත්තේ ගුවන් යානය නිෂ්පාදනය කළ සමාගම වුවද විය හැකියි.

    නමුත් එම සමාගම වගකීමට නම් ගුවන් යානය නිසි පරිදි නඩත්තු කර තිබේද ? අදාල සමාගමේ නියමයන්වලට අනුව කටයුතු කර තිබේද ? යන්න සියලු තොරතුරු දෙස අවධානය යොමු කළ යුතුය.

    එසේම ගුවන් යානා මිලදී ගැනීමට පෙර සිදු කරන ලද ගිවිසුම් ගත වීම් ආදී භාණ්ඩයක් මිලදී ගැනීමට කළ යුතු සියලු කාර්ය පටිපාටියන් කෙරෙහිද අවධානය යොමුව තිබිය යුතුමයි.

    මියගිය ගුවන් නියමුවන් වටින්නේ ඔවුන් රටෙහි රාජ්‍ය දේපල බැවිනි.ඔවුන් එසේ නිර්මාණය කිරීම සදහා රජය නොහොත් මහජනතාවගේ බදු මුදල් විශාල ප්‍රමාණයක් වැය කරයි.ඒවා මහජන මුදල් ය.

    රාජ්‍ය නිලධාරින් නොහොත් රජයෙන් වැටුප් ලබා ගන්නා සියලුම දෙනා රාජ්‍ය දේපලයි.ඔවුන්ගේ ජීවිත අහිමි වීමද රජයට පාඩුවකි.ඔවුන් තම තනතුරේ සිට දූෂණ ,වංචා හෝ වෙනත් අක්‍රමිකතා සිදු කරන්නේ නම් එයද රජයට නොහොත් මහජනතාවට දැඩි පාඩුවකි.ඔවුන් සිදු කරනා සියලුම වැරදිවලට එරෙහිව මහජනතාවද ඔවුන්ට දඩුවම් නියම කර තිබේ.එය මෙරට පවතින අණ පනත් වලට අනුවයි.

    ඒ අනුව මෙම ගුවන් අනතුරින් රටට පාඩු දෙකක් සිදුව තිබේ.එක් පැත්තකින් ඩොලර් දහස් ගණනක් රටට අහිමිව යාම සහ වටිනා ගුවන් නියමුවන් දෙදෙනෙකු රටට අහිමි වීමයි.

    ගුවන් යානයේ නිෂ්පාදිත වර්ෂය හෝ රට හෝ වර්ගය වැදගත් නැත.වැදගත් වන්නේ ගුවන් යානය කඩා වැටීම නිසා රටට අහිමිව ගිය සම්පත් නැවතත් අපට නොලැබෙන බැවිනි.

    ඊට අමතරව රාජකාරියෙන් බැහැරව ගිය විට මෙම නියමුවන් දෙදෙනාට උරුම වූ ආදරණීය ජීවිතද තිබේ.එම ජීවිතයේදී ඔවුන්ගේ සමීපතමයන්ට ආදරණීය චරිත අහිමි වී යාම මෙම අනතුරින් සිදුව තිබේ.

    එබැවින් භාණ්ඩ මිලදී ගැනීමේදී කොමිස් මුදල් මත නොව මහජන මුදලත් ඒවා භාවිතා කරන සේවකයන්ගේ ආරක්ෂාවත් පිළිබඳව දැඩි අවධානමකින් අවදානය යොමු කර ඒ අනුව කටයුතු කිරීමට සමස්ත රාජ්‍ය නිලධාරින්ටම දැඩි වගකීමක් සහ යුතුකමක් තිබේ.

    එසේම ශ්‍රී ලංකාව වැනි දූෂිත රාජ්‍ය නිලධාරින්ගෙන් බහුල රටවල්වල්වලට නිෂ්පාදිත භාණ්ඩ යොමු කිරීමේදී අතරමැද කොන්ත්‍රාත්කරුවන්ද නිෂ්පාදන සමාගම සමග එක්ව දැඩි දූෂිත කටයුතු සිදු කරයි. ඔවුන් ලාභ ලබන්නේද බිලියන් ගණන්වලින් ය.

    ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමට නම් ඉදිකට්ටේ සිට ගුවන් යානය දක්වාම මිලදී ගන්නා සෑම නිෂ්පාදනයකම පිටුපස ඇති වෙළෙඳ මාෆියාව තුරන් කළ යුතුය.

    එසේම ඔවුන්ට ආධාර අනුබල ලබා දෙන රාජ්‍ය නිලධාරින්ගේ මාෆියාවද නීත්‍යානුකූලව අවසන් කළ යුතුය.එසේ නොවනතාක්කල් සෑම අතකින්ම විනාශ වන රට ගොඩගැනීම සිහිනයක් පමණක්ම වනු ඇත.

    Tags: ගවේෂණාත්මක පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    ආරක්ෂක අංශ

    ගජබා රෙජිමේන්තුවට හොර අඹුවන්! ! දරුවන් සහ බිරිඳගේ ජීවිත අනතුරේ!

    මාර්තු 4, 2024
    Uncategorized

    නැහැදිච්ච සිසුන් 500 ක් විතර බාලිකා විද්‍යාලයකට කඩා පැනලා. ඇමති කෙනෙකුගේ පුතෙකුත් ඉදලා

    මාර්තු 4, 2024
    අධිකරණ සහ නීතිපති

    ජනාධිපති වෙන්න හිතන් ඉන්න දිලිතුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවෙක් වෙලා.

    මාර්තු 4, 2024
    කෘෂිකාර්මික සහ වාරිමාර්ග

    ආණ්ඩුව සලකන්නේ ⁣මහා පරිමාණ වී මුදලාලිලාට විතරයි! වී ගොවියත් සූරගෙන කනවා

    මාර්තු 3, 2024
    Uncategorized

    ⁣ගම්මිරිස් අක්කර පනස්දහසක් විනාශ වෙමින් තිබේ! අමාත්‍යවරුන්ගේ අවධානය පිණිසයි. (වීඩියෝ)

    මාර්තු 3, 2024
    බලශක්ති අමාත්‍යංශය

    විදුලි බලමංඩලයේ ලොක්කෙකුට ගෙවල් 35 ක්! විදුලිය නැති නම් කුප්පි ලාම්පුවෙන් පාඩම් කරන්න!

    මාර්තු 3, 2024
    ආරක්ෂක අංශ

    ගුවන් හමුදාපතිගෙන් උතුරට කිරි. දකුණට කැකිරිවත් නෑ.

    මාර්තු 3, 2024
    බැංකු සහ මූල්‍ය

    ජනතාව සමග පාපන්දු කෙලි මහ බැංකුවේ තටු කැපීමට ලෑස්තියි. එවැනි වෙනත් ආයතනවලටත් තට්ටු කෙරේ.

    මාර්තු 3, 2024
    අධිකරණ සහ නීතිපති

    පාතාල ක්‍රමේට ගිය පොලිස් නිලධාරීන් ආයෙත් වැඳ සමාව ගනී. සති දෙකක් තුලෙ දෙවෙනි සිදුවීම

    මාර්තු 2, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version