සිය දියණියන් දෙදෙනා අපයෝජනයට ලක් කළ පියකු ගම්පොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙම දරුවන්ගේ මව විදේශගතව සිටින අතර මොවුනට පියාගෙන් වන ලිංගික අතවර සම්බන්ධයෙන් පාසලේ ක්‍රීඩා ගුරුවරයා දැනුවත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ක්‍රීඩා ගුරුවරයා විසින් ගම්පොල පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව විමර්ශන සිදුකර සැකකාර පියා අත්අඩංගුවට ගෙන තිබේ.














































