හැටන් මල්ලිඅප්පුව බස් මගි ආවරණය තුළ ඊයේ (16 )දින මිය ගොස් සිටි පුද්ගලයා බගවන්තලාව කැම්පියන් වතුයායේ පදිංචිකරුවකු බවට හදුනා ගෙන ඇති බව වාර්තා වේ.
ඊයේ උදෑසන හැටන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව බස් මගි ආවරණය තුළ පුද්ගලයකු මිය ගොස් සිටින බවට හැටන් පොලිසියට ලද තොරතුරක් මත හැටන් පොලිසියේ නිලධාරින් ඒ පිළිබඳව පරික්ෂණ ආරම්භ කරන ලදි.
ඒ අනුව එම මළ සිරුර දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මූලික රෝහල වෙත ගෙන ගොස් හැටන් මුලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ නිලධාරින් විසින් වැඩිදුර පරික්ෂණ
මෙහෙයවිමේදි මෙසේ මිය ගිය අයගේ තොරතුරු අනාවරණය කර ගැනිමට හැකි වූ බව සදහන්.
ඒ අනුව එසේ මිය පුද්ගලයා බගවන්තලාව කැම්පියන් වතුයායේ පදිංචි අවුරුදු 63ක් වයසැති අම්මාවාසි රාජේන්ද්‍රන් යන අයගේ බවට මිය ගිය අයගේ බිරිඳ වන සිංනයියා මාරියායි යන අය විසින් හදුනාගත් බවට හැටන් පොලිසියේ නිලධාරියකු ප්‍රකාශ කර තිබේ.
මෙම පුද්ගලයා මෙයට සතියක පමණ කාලයක සිට නිවසින් අතුරුදහන්ව සිට ඇති බවත් එම අතුරුදහන්විම පිළිබඳව බගවන්තලාව පොලිසියේ පැමිණිල්ලක් කර ඇති බවත් එම
කාන්තාව පවසා තිබේ.
මෙසේ මිය ගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂණය දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මූලික රෝහලේ පැවැත්විමට පියවර ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතාගේ උපදෙස් හා හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතාගේ අධික්ෂණ මත හැටන් මුලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක දසනායක, පොලිස් සැරයන් 45789 අසේල යන මහත්වරුන් ඇතුලු නිලධාරින් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබේ.














































